Language Switcher

V2025

සජිත්ගේ දික්වැල්ලේ රැලියට : වැසි නොතකා ජන ගඟක් !

නව ප්‍රජාතන්ත්‍රවාදීපෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් දෙවිනුවර ආසනබලමණ්ඩලය සංවිධානය කළ ජනතා රැලියක් ඊයේ (24) පස්වරුවේදික්වැල්ල මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්විනි.

අයහපත් කාලගුණය නොතකා විශාල ජනකායක්මෙම රැලිය ට සහභාගී විය.

මුදල් අමාත්‍යමංගල සමරවීර හිටපු අමාත්‍ය මධුරපාල එදිරිවීර ගයන්ත කරුණාතිලක මනුෂ නානායක්කාරබන්දුල ලාල් බණ්ඩාරිගොඩ බුද්ධික පතිරණ හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකිර්මාකර් ඇතුලුඑජාප ප්‍රබලයන් හා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ද මේ රැලියට එක්ව සිටියහ.

සජිත් ප්‍රේමදාසමහතා ජනරැලියට සහභාගී වන විට රාත්‍රී නවයත් පසුවී තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ලබාදී ඇති සුවිශේෂී වරප්‍රසාද සියල්ලම මේ රටේ මහජන සුබ සිද්ධියවෙනුවෙන් කැපකිරීමට තමන්ගේ පාලනයක් තුල කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක  සජිත් ප්‍රේමදාස මෙමමහජන රැලියේ දී අවධාරණය කර සිටියේය.

73222796 126531092091241 4054125437213736960 n

73290806 415776685983604 7836684477463003136 n

73309716 427222411313355 5587580842382721024 n

74425920 537736710357952 8404723726611906560 n