ගොමා පාදෙණිය ගැන පැෆරල් පරීක්ෂණයක් ඉල්ලයි

 ගොමා පාදෙණිය ගැන පැෆරල් පරීක්ෂණයක් ඉල්ලයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දැක්වීමේ උළෙලට සහභාගි වීමෙන් එම සංගමයේ සාමාජිකත්වයට වක‍්‍ර බලපෑමක් සිදුවන බවත්, ඒ පිළිබඳව සුදුසු ක‍්‍රියා මාර්ග ගන්නා ලෙසත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඔහු එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දක්වන අවස්ථාවේ සහභාගී වූ බව මාධ්‍ය මගින් ප‍්‍රචාරය වූ බවත් එහි වේදිකාවේ ඉදිරි පෙළ අසුන්ගෙන සිටිනු නිරීක්ෂණය කළ බවත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරියෙකු මාණ්ඩලික නිලධාරින් ගණයට වැටෙන බැවින් ඔවුන්ට ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන ක‍්‍රියාවලියකට සම්බන්ධ වීමට නොහැකි බව ආයතන සංග‍්‍රහයේ 32 පරිච්ඡේදයේ ඉතා පැහැදිලිව සඳහන් ව ඇති බව හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි.

මධ්‍යස්ථව සිටිය යුතු මාණ්ඩලික ශ්‍රේණියේ සේවාවලට අදාළ රජයේ වෘත්තිය සමිති නායකයෙක් මේ ආකාරයට දේශපාලන ක‍්‍රියාවලියට අවතීරණය වීමෙන් අනෙකුත් මාණ්ඩලික නිලධාරි සංගම් ද මෙසේ දේශපාලන ක‍්‍රියාවලියට අවතීර්ණ විය හැකි යැයි ද එයින් මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණවලට බලපෑම් එල්ල විය හැකි යැයි ද ඔහු තම ලිපියෙන් පෙන්වා දී තිබේ.

මේ තත්ත්වය මෙරට නිදහස් මැතිවරණවලට බරපතල අභියෝගයක් එල්ල කළ හැකි බවත් මාණ්ඩලික නිලධාරින් ගේ වෘත්තිය සමිති දේශපාලන කි‍්‍රයාවන්හි යෙදීම ආරම්භයේ දීම වැළැක්වීමට ක‍්‍රියා නොකළහොත් අනාගතයේ මේ තත්ත්වය පාලනය කරගත නොහැකි වන බවත් හෙතෙම දන්වා තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යවා ඇති එම ලිපියේ පිටපතක් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය වෙත ද යවා ඇත.

image a8ffb9eeb3

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න