'යක්ෂයා දොර ළඟ, වීණා ගහලා වැඩක් නෑ' -ආචාර්ය ජයම්පති (VIDEO)

'යක්ෂයා දොර ළඟ, වීණා ගහලා වැඩක් නෑ' -ආචාර්ය ජයම්පති (VIDEO)

2015 ලබා ගත් ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය, අධිකරණ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට නම් සජිත් ප්‍රේමදාස වෙත සහය දිය යුතු බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා පවසයි.

ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේය.

“හරිම භයානකයි මේ එන්න ඉන්න සතුරා. මීට අවුරුද්දකට විතර කලින් 'වියත්මග' සම්මේලනයක කමල් ගුණරත්න කිව්වේ මොකද්ද, ව්‍යවස්ථා වෙනසට වැඩ කරන අය නෙමෙයි ව්‍යවස්ථා වෙනසට සහයෝගය දෙන අය පවා මරලා, අර 87, 89, 90 කාලයේ වගේ ඔවුන්ගේ මිනි දණහිසෙන් ඉහළට ගෙනියන්න බැරි වෙන්න, පැදුරේ ඔතලා වලලනවා කියලා.

නාවික හමුදාවේ ඉහළ නිලයක් දරපු සරත් වීරසේකර මහත්තයා  කිව්වේ, ව්‍යවස්ථා සංශෝධන ගේන අය රාජ ද්‍රෝහීන් ඔවුනට නඩු දාන්න ඕන කියලා.

මේ වගේ පාලනයක් ආවොත් අධිකරණයට වෙන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ, ඒ වින්නැහිත් අපි දන්නවා. ඒ නිසා තවදුරටත් යක්ෂයා දොර ලඟ ඉන්නකොට වීණා ගායනා කරලා වැඩක් නෑ .....

...ඊට වඩා වැදගත් දේශපාලන හේතුවක් තියනවා. අපි දැක්කා නාගරික පීඩතයින්ට සැළකුම් ලැබුණ හැටි කම්කරුවන්ට, රතු පස්වලදි, ධීවරයන්ට හාලාවතදි අපි දැක්කා ඇන්ටන් ප්‍රනාන්දුට වුණ වැඩේ මොකද්ද කියලා මේක තමයි අනාගතේ.

මේ ලේකම්ධූරයක් ලැබිලා ජනාධිපතිධූරයක් ලැබුණා නම් කොහෙම වෙයිද?

මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බේර ගන්න. 2015 දි ලැබුණ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය රැකගැනීමට, අධිකරණ ස්වාධීනතාවය රැක ගැනීමට, ස්වාධීන කොමිෂන් සභාව ඇති අයිතිය රැකගන්න , පාර්ලිමේන්තුව දිගටම ශක්තිමත්ම ආයතනය විදියට පවත්වා ගෙන යන්න නම් අපි ට මේ පියවර ගන්න සිද්ධ වෙනවා.” මන්ත්‍රිවරයා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න