Language Switcher

V2025

හොරු රකින්න ආණ්ඩුව ඇතුළෙන්ම ගේමක් ගහලා : ඇමති මංගලගෙන් හෙළිදරව්වක් !

රාජපක්ෂලා නඩු කටයුතුවලින් ආරක්ෂා කිරීම රජය අභ්‍යන්තරයෙන්ම සිදු වී තිබෙනා ක්‍රියාවක් බවත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ හිටපු ප්‍රධානි රවී විද්‍යාලංකාර ගෝඨාභය රාජපක්ෂගේ වේදිකාවට ගොඩවිම හරහා  සනාථ වන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

අමාත්‍යවරයා ඒ බව සඳහන් කර සිටියේ  අද (27) මාතර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

විශේෂයෙන්ම හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් තමන් ගෝඨාභය රාජපක්ෂ නඩු කටයුතු වලින් ආරක්ෂා කල බවත් ගෝඨාභයට විරුද්ධව බි වාර්තා සකස් කර අධිකරණ ක්‍රියාවලිය සිදු කිරීමට තමන් විසින් බාධා කල බවත් පසුගියදා මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කිරීම හරහා කුමන්ත්‍රණය සිදු වූ ආකාරය ඉතාමත් පැහැදිලි බවද හෙතෙම ප්‍රකාශ කර සිටියේය. 

එමෙන්ම පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයේ හිටපු ප්‍රධානි රවී විද්‍යාලංකාර විසින් නඩු කටයුතු වලට බාධා කරමින් අදාල චුදිත පාර්ශව වෙතින් කප්පන් ගෙන ඇති බවටත් දැන් අනාවරණය වෙමින් පවතිනා බවත් ප්‍රකාශ කර සිටියේය. 

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය. ‘’  FCID එකේ හිටපු ප්‍රධානියාත් දැන් පොහොට්ටුවේ වේදිකාවේ ඉන්නෙ. මේ හොරු අල්ලන්නට අපි පත් කරපු ප්‍රධානියා දැන් ව්‍යංගයෙන් පිළිගන්නව ඔහු පසුගිය කාලය පුරාවටම ගෝඨාභයලගෙ, රාජපක්ෂලාගේ ඒජන්තයෙක් කියල. මොකද ඒ අය කියනවනම් හොරු අල්ලන්නට රජය ඉඩ දුන්නෙ නැහැ කියල එහෙනම් ඒකට තියන පිළිතුර හොරුත් එක්ක එකතුවීමද කියල මම අහනව. හොරු අල්ලන්න රජය ඉඩ දුන්නෙ නැත්නම් ඒ ගැන රටට හෙළි කරල මීටත් වඩා හොරු අල්ලන්න පුළුවන් පාලනයක් වෙනුවෙන් පෙනී සිටින්නෙ නැතුව මේ FCID එකේ මනුස්සය කරල තියෙන්නෙ හොරාගේ පැත්ත ගැනීම’’

එමෙන්ම වර්තමානයේ දී සමහර පෞද්ගලික මාධ්‍ය නාලිකා විසින් රජයේ ප්‍රකාෂණ විකෘති කිරීම සහ ඉතා මෑතකදී අමාත්‍ය නවින් දිසානායකගේ ප්‍රකාශයක් විකෘති කිරීම සමබන්දව ද අදහස් දැක වූ මුදල් අමාත්‍යවරයා වත්මන් ආණ්ඩුවට විරුද්ධව විශාල ලෙස මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක වුවද අතීත රජයන් මෙන් තම රජය මාධ්‍ය මර්ධනය නොකරනා බවත් සදහන් කරනා ලදී. විශේෂයෙන්ම හිරු නාලිකාවෙ නින්දිත හැසිරීම සම්බන්දව ජනතාව තීන්දුවක් ගත යුතු බවත් සදහන් කල අමාත්‍යවරයා හිරු නාලිකාව කළු සල්ලි සුදු කරනා ස්ථානයක් බවත් ඔවුන්ගේ අයථා ව්‍යාපාර ගෝඨාභය රාජපක්ෂ පාලනයක් යටතේ ගෙන යාමට හැකි බවට ඔවුන්ට තිබෙනා විශ්වාසයත්, මිනීමැරුමක් නිසා බන්ධනාගාර ගතව සිටිනා තම සහෝදරයා බේරා ගැනීමේ බලාපොරොත්තුවෙනුත් හිරු නාලිකාව විසින් මෙලෙස  අසික්කිත ජනමාධ්‍ය කලාවේ නියැලෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කරනා ලදී.