ගෝඨාගේ දස වැදෑරුම් ප්‍රතිපත්තියේ රටේ ඒකීයභාවය ගැන නැහැ - පාඨලි

ගෝඨාගේ දස වැදෑරුම් ප්‍රතිපත්තියේ රටේ ඒකීයභාවය ගැන නැහැ - පාඨලි

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් එළිදැක්වූ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ දස වැදෑරුම් ප‍්‍රතිපත්තිය තුළ රටේ ඒකීයභාවය ගැන සඳහන් කර නොමැති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

හංවැල්ල ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට සහභාගී වෙමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපි රණවිරුවන් සිරගත කරනවා එල්.ටී.ටී. සාමාජිකයින් නිදහස් කරනවා කියලා භීතියක් ඇති කරමින් තිබුණා. විවිධ හේතු මත හමුදා සාමාජිකයින් 48 දෙනෙකු අපගේ අත්අඩංගුවේ සිටිනවා. ඉන් 7 දෙනෙක් අද රිමාන්ඩ් භාරයේ ඉන්නේ. අනෙක් සියලූ දෙනා ඇප ලබා නිදහස් වෙලා අවසන්.

ගෝඨාභය මහත්තයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය බලන්න, ආයුධ සමග භාර වූ එල්.ටී.ටී.ඊ සමාජිකයින් 13,784ක් නිදහස් කළා කියනවා. දැන් එල්.ටී.ටී.ඊ සමාජිකයින් 66 ක් අත් අඩංගුවේ ඉන්නේ. ඔවුන් දහතුන් දහසක් නිදහස් කළා කියලා ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන තිබෙනවා. යුධ සමයේ විවිධ චෝදනා වලට ලක්වූ හමුදා සමාජිකයින් නිදහස් කරන්න අපි පියවර ගත්තේ නැහැ කියලා සඳහන් කරනවා. යුධ සමයේ නොයෙක් ප‍්‍රචණ්ඩ ක‍්‍රියා කළ පුද්ගලික වැඩ කළ හමුදා නිලධාරීන් නිදහස් කරන්න මොකුත් කළේ නැහැ කියලා ඔහු පිළිගන්නවා.

යුද්ධය සම්බන්ධයෙන් දඬුවම් විදින හමුදා සාමාජිකයින් මෙන්ම, එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ද නිදහස් පුරවැසියන් කරනවා කියා සඳහන් කරනවා. මේ සඳහන් කරන්නේ දැන් අත්අඩංගුවේ ඉන්න එල්.ටී.ටී.ඊ සාමාජිකයින් නිදහස් කරනවා කියලා රාම් නගුලන් කොටි නායකයින් ඇතුළු දහතුන් දහසක් නිදහස් කර තිබෙනවා. ඔවුන්ට හමුදාවේ බුද්ධි අංශ මගින් පඩි ගෙවනු ලැබුවා. සුනිල් රත්නායක ඇතුළු හමුදාවේ පිරිස අත්අඩංගුවට ගත්තේ රාජපක්ෂ පාලන සමයේ ඔවුන් නිදහස් කරන්න කටයුතු කළේ නැහැ කියලා ඔහු පිළිගන්නවා. දැන් කියනවා ඔවුන් නිදහස් කරනවා කියලා. මෙතරම් කාලයක් රූපවාහිනී නාලිකා දෙක තුනක් තබාගෙන රටේ ජනතාව බියවද්දමින් කටයුතු කළා. දැන් ඒ සිදුකරමින් ගිය බොරුවත් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් එළි වෙනවා.

ගෝඨාභය රාජපක්ෂ මහතා දස වැදෑරුම් ප‍්‍රතිපත්තියක් ගැන සඳහන් කරනවා. බෞද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ රට බිය වද්දමින් ගියා. අපේ රජය මගින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හැදුවේ දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයත් සම්බන්ධකරගෙන. ඉන් රට බෙදන්න යනවා. ඒකීයභාවය නැතිවෙන්න යනවා කියලා කතා පැතිරුවා. බුද්ධ ශාසනයට තිබෙන තැන නැති වෙනවා කියලා කතා පැතිරුවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දස වැදෑරුම් ප‍්‍රතිපත්තියේ රටේ ඒකීයභාවය ගැන අකුරක් නැහැ. නව වෙනි පිටුවේ ජාතික සමගිය යන මාතෘකාව යටතේ ඉතා කුඩාවට ඒකීය රාජ්‍ය හා බුද්ධාගම ගැන සඳහන් කරනවා. මෙය දස වැදෑරුම් ප‍්‍රතිපත්තියේ අංක 1 ලෙස සඳහන් විය යුත්තක්. නමුත් ඒ ප‍්‍රමුඛතාවය ලබාදී නැහැ. මේ දේවල් වලින් පෙනෙන්නේ කුමන දෙයක් කීවත්, මොවුන්ගේ ප‍්‍රතිපත්ති තුළ මේ කිසිම දෙයක් නැහැ කියන එක.

මේ රටට ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නම් රටේ ඒකීයභාවයට හෝ සම්බුද්ධ ශාසනයට ලබාදී ඇති ප‍්‍රමුඛතාවය හා සෙසු ආගම්වලට ලබා දී ඇති සමානතාවය ඉස්පිල්ලකින් පාපිල්ලකින්වත් අපි වෙනස් කරන්නේ නැහැ” යැයි ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න