සජිත්ට සහය පල කරමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

සජිත්ට සහය පල කරමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කරමින් අද පෙරවරුවේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි.

ගිවිසුමට අත්සන් තැබීමේ උත්සවය කොළඹදි පැවැත්විය.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටින දේශාපාලන පක්ෂ, සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව කිහිපයක නියෝජිතයින් සහභාගි වූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ශ්‍රි ලංකා කඳවුර, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ජාතික ජනතා පෙරමුණ, නව කම්කරු පෙරමුණ, ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරය, නව සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ , එක්සත් ජනතා පෙරමුණ, පළමු පෙරමුණ සහ ජනතාවදී කම්කරු පෙරමුණ ගිවිසුමට අත්සන් කළේය.

මීට අමතරව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී කොමියුනිට්ස් විකල්පය, ප්‍රගතිශිලි ජාතික පෙරමුණ, නව ජාතික පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා බලවේගය, සමස්ත ලංකා මුස්ලිම් ලීගය, ජාතික ජනතා ව්‍යාපාරය නිදහස් තරුණ පෙරමුණ ඇතුළු පක්ෂ රැසක් එම ගිවිසුමට අත්සන් කරනු ලැබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න