ගෝඨාබය උතුරට දුන්න පොරොන්දුව දකුණට හංගලා : හොඳ වැඩ හංගන්නේ ඇයි ?

ගෝඨාබය උතුරට දුන්න පොරොන්දුව දකුණට හංගලා : හොඳ වැඩ හංගන්නේ ඇයි ?

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට පොදුජන පෙරමුණ  පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ උතුරේ දී කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය විසින් දකුණට වසන් කර ඇත.

ත්‍රස්තවාදී චෝදනා යටතේ අත් අඩංගුවේ සිටින සිරකරුවන් නිදහස් කරන බවට වන මෙම පොරොන්දුව ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාදී ඇත්තේ පසුගියදා යාපනයේ පැවති ප්‍රචාරක රැළිය අමතමින්ය.

වත්මන් ආණ්ඩුව විසින් පුනරුත්ථාපනය කළ LTTE  සිරකරුවන් මෙන්ම අසාධාරණ ලෙස සිරගත කර සිටි දේශපාලන සිරකරුවන් අධිකරණ ක්‍රියාවලිය හරහා නිසි ලෙස නිදහස් කරන්නට පියවර ගැනීමේදී රාජපක්ෂ කඳවුරේ සිටින ඊනියා ජාතිවාදී හෙංචයියන් දකුණ ගිනි තිබ්බේ අන්න කොටි නිදහස් කරනවා කියමින්ය. කිසිඳු සොයා බැලීමකින් තොරව  තුට්ටුදෙකේ ජාතිවාදීන්ගේ ඒ  ප්‍රකාශ වලට තම මාධ්‍ය හරහා වැඩි ඉඩක් දෙමින් ජනතාව නොමග යැවීමට මෙරට ජඩමාධ්‍ය ද  කටයුතු කළා ඔබට මතක ඇත. 

ගෝඨාභය යාපනයට ගිහින් කියන මේ කතා හමුවේ වත්මන් ආණ්ඩුව රට බෙදන කොටි නැගිට්ටවන බවට දියත්කළ ඒ ප්‍රචාරත් රාජපක්ෂලාගේ තවත් ප්‍රෝඩාවක් බව තහවුරු වෙයි.
එපමණක් නොව ගෝඨාබය රාජපක්ෂගේ ට්විටර් ගිණුමේ දෙමල භාෂාවෙන් තබා ඇති මේ සටහන වෙත අවධානය යොමුකරන්න. 
gota twitter

“අපි එල්ටීටීඊ සාමාජිකයින් 13,000 ක් පුනරුත්ථාපනය කර නිදහස් කර ඇත්තෙමු. පන්දහසකට වැඩි සිරකරුවන් අතරින් 274 ක් හැර අන් සියල්ලන්ම අප විසින් නිදහස් කර තිබේ. මම ජනාධිපති ධුරයට පත් වු විට ඉතිරි සියල්ලම පුනරුත්ථාපනය කර නිදහස් කරන බවට මම පසුගිය සඳුදා යාපනයේ ජනතාවට පොරොන්දුවක් දුන්නා,” යන්න එහි සිංහල අරුත වෙයි.

නමුත් එම ප්‍රකාශයේ සිංහල හෝ ඉංග්‍රීසි පණිවුඩයක් මේ මොහොත වන තෙක් දැක ගන්නට නැත.

යාපනයේ ජන හමුව ෆේස් බුක් ඔස්සේ කරන ලද සජිවි විකාශයේ වීඩියෝව ගෝඨාබය රාජපක්ෂගේ නිල ෆේස් බුක් පිටුවේ පල කොට ඇත්තේ එම කතාව ආරම්භ වූ විගස ගීතයක් වාදනය කොට ඉන් පසුව නැවතත් ඔහුගේ කතාව ඇසෙන්නට සලස්වමින්ය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න