පොහොට්ටු හූවට බ්‍රේක් නැතිවෙයි  : රාජපක්ෂ හූව රාජපක්ෂලාටත් ! (වීඩියෝ )

පොහොට්ටු හූවට බ්‍රේක් නැතිවෙයි  : රාජපක්ෂ හූව රාජපක්ෂලාටත් ! (වීඩියෝ )

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය දැක්වීමට එම වේදිකාවට ගොඩවන  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මන්ත්‍රීවරුන්ට හූ තබා නින්දා කරවීමේ කූඨ රාජපක්ෂ  උපාය දැන් ඔවුන්ටද පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

ඊට නිදර්ශන සපයන ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ ඊයේ (01) අලව්වේ දී පැවති ජන හමුවකදීය. 

වීඩියෝ (ශාන්තට හූ )

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ශාන්ත බණ්ඩාරට හූ තබා නින්දා කිරීම  සිදුවුයේ  'පොහොට්ටු' වේදිකාවට ගොඩවන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට හූ සංග්‍රහ ලැබෙන්නේ, 'පොහොට්ටුව' සමග එක් වූ කිසිදු ශ්‍රී ලනිප සාමාජිකයෙකුට හූ තොනබන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්‍ෂ හා 'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්‍ෂ විසින් සිය පක්‍ෂ සාමාජිකයන් වෙත අවස්ථා කිහිපයකදීම දැනුම් දී ඇති පසුබිමකය.

වීඩියෝ

ඒ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මෙම රැස්වීම අමතන අවස්ථාවේදී ද රැස්ව සිටි බීමත් පිරිස් කෑකෝ ගසමින් බාධා කළ අතර ඔහුද අතරමැද දී සිය කතාව නිමා කලේ, මින් ඉදිරියට සවස රැස්වීම නොතියන බව කියමිනි. 

මින් ඉදිරියට රැස්වීම තබන්නේ උදැසන පමණක් බව විපක්ෂනායක වරයා එහිදී සඳහන් කළේය. විපක්ෂ නායකවරයාට එසේ පැවසීමට සිදුවුයේ රැස්වීමට සහභාගිව සිටි බොහෝ දෙනෙකු අධිකලෙස මත්පැන් පානයකර තිබීම නිසාය.

මෙම රැස්වීමට සහභාගී වුවන්ට ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට අයත්  තැබෑරුම්වලින් අරක්කු පැකට් නොමිලේ ලබාදී තිබු බවත්  වාර්තාවේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න