ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ට පක්ෂව සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට විරුද්ධව ප්‍රවෘත්ති සකස් නොකළ නිසා කැපිටල් එෆ්.එම්. ගුවන්විදුලි සේවයේ ප්‍රවෘත්ති කර්තෘවරයෙකු වන කේ.එම්. රසුල් ට එහි සභාපතිවරයා පහරදී ඇති බව වාර්තා වෙයි.
සති අන්ත අනිද්දා පුවත්පත මේ බව වාර්තා කරන අතර එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
ඔක්තෝබර් 16 දින අදාළ ආයතනය තුළ පැවැත්වූ සාකච්ඡාවකදී කැපිටල් එෆ්.එම්. නාලිකාවේ සභාපතිවරයා වන වින්සේන්දරාජන් සතාසිවම් තමාට බැනවදිමින් තර්ජනය කළ බවත් ඉන් පසුව තමන්ට පහර දුන් බවත් රසුල් මහතා කීය.
කැපිටල් එෆ්.එම්.හිමිකරු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ගේ මාමණ්ඩිය බවත් රසුල් මහතා වැඩි දුරටත් කීය. සිද්ධිය සම්බන්දයෙන් රසුල් මහතා කිරුළපන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

