තව්හිද් ජමාත් සංවිධානයට උපකාර කළේ ගෝඨාභය - පාඨලී  

 තව්හිද් ජමාත් සංවිධානයට උපකාර කළේ ගෝඨාභය - පාඨලී  

තව්හීද් ජමාත් ව්‍යාපාරයට උපකාර කළේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ බවත් යම් හෙයකින් ඔහු තවත් වසර 10ක් කොළඹ නගරය පාලනය කළානම් කොළඹ නගරය විදේශිකයන්ට විකුණන බවත්  අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

මැනිං වෙළෙඳපොළේ ව්‍යාපාරික ප‍්‍රජාවේ හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මාළිගාවත්ත පැත්තේ ක‍්‍රියාත්මක වුණු තව්හිද් ජමාත් ව්‍යාපාරයට ආධාර උපකාර කළේ වෙන කවුරුවත් නෙවෙයි, ගෝඨාභය රාජපක්‍ෂ මහ්තතයා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඉඳන්. මොකටද මේ රටේ මධ්‍යස්ථ මුස්ලිම් මිනිහට ගහන්න.

ඒ වගේම කොටි සාමාජිකයෙන් දහස් ගණනක් බුද්ධි අංශවලට බඳවාගෙන දෙමළ මිනිහට ගහන්න. අන්තවාදී කල්ලි කණ්ඩායම් හදලා බෞද්ධයාට හිරිහැර කරන්න. එකම ජුන්ටාවක් හැටියට මිලිටරිකාරයෝ හැටියට බැරැක්කයක් හැටියට රට පාලනය කළේ.

යුද්ධ හමුදා මූලස්ථානය තිබුණු තැන යුද්ධ හමුදාව පාරට ඇදලා දාලා, අදටත් පාරෙ ඉන්නෙ සරණාගතයෝ හැටියට. ඒ ඉඩම වික්කා ෂැන්ග‍්‍රී-ලා සමාගමට. කොළඹ නගරයේ ගෝඨාභය තව අවුරුදු දහයක් හිටියානම් මේ කොළඹ නගරයෙන් බිම් අඟලක්වත් ඉතුරු කරන්නේ නෑ. විදේශිකයින්ට විකුණලා තමන්ගේ පොකට් පුරවගත්ත එක තමයි කළේ.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න