ගෝඨාබය ජයග්‍රහණය මායිමේ !- කොළඹ, ගම්පහ හා කුරුණෑගලින් ඉදිරියෙන් !!

ගෝඨාබය ජයග්‍රහණය මායිමේ !- කොළඹ, ගම්පහ හා කුරුණෑගලින් ඉදිරියෙන් !!

ඊයේ (16) පැවති ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ නොනිල ප්‍රතිපලවලට අනුව 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මේවනවිට ජයග්‍රහණයේ අභියසට පැමිණ ඇත.

උතුරු නැගෙනහිරින් පළාතෙන් හා නුවරඑළිය දිස්ත්‍රීක්කයෙන් ඔහු විශාල පසුබැසීමකට ලක්ව ඇතත්, දකුණු පළාතෙන් හා කොළඹ, ගම්පහ, කුරුණෑගල, කළුතර, අනුරාධපුරය, පොලොන්නරුව ආදී දිස්ත්‍රීක්ක වලින් ලක්ෂ කිහිපයක් ඉදිරියෙන් සිටියි.

නොනිල වාර්තාවලට අනුව ගම්පහ දිස්ත්‍රීකයෙන් ලක්ෂ තුනකට ආසන්න ඡන්ද සංඛ්‍යාවකින් ද කුරුණෑගලින් ලක්ෂ දෙකහාමාරකට ආසන්න ඡන්ද සංඛ්‍යාවකින් ද අනුරාධපුර, පොලොන්නරුව, කළුතර ආදී දිස්ත්‍රීක්ක වලින් ඡන්ද ලක්ෂයකට තුනකට වැඩි ප්‍රමාණයකින් ද ගෝඨාබය රාජපක්ෂ ජයගෙන ඇතැයි වාර්තාවේ.

එසේ  වුවද මේ වන විට නිල වශයෙන් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලයට අනුව ගෝඨභය හා සජීත් අතර සටනක් පවතින නමුත් අප වෙත ලැබි ඇති ප්‍රතිපල අනුව ගෝඨාබය රාජපක්ෂ සියයට 50 සීමාව ඉක්මවා ඡන්ද සංඛ්‍යාවක් ගනු ඇතැයි විශ්වාස කෙරේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න