සජිත් තීරණාත්මක තීන්දුවක් ගනියි : දැනට එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉවත්වෙයි !

සජිත් තීරණාත්මක තීන්දුවක් ගනියි : දැනට එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉවත්වෙයි !

තමන් සම්බන්ධව විශ්වාසය තබා ජන්දය ලබාදුන් සියලු දෙනාට හද පිරි ස්තූතිය පුදකරන අතර ජනතා තීන්දුවට ආචාර කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් ඔහු මේ බව සදහන් කරන අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස පියවරක් පසුපසට ගැනීමට තීරණය කළ බවත් ඔහු සදහන් කරයි.
ලැබී ඇති දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා එජාප නියෝජ්‍ය නායක ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ , විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ හමුවක් අද (17) සවස 5:00 ට පැවැත්වීමට නියමිත බවත් වාර්තා වෙයි.

එහිදී නව ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩදී අග්‍රාමාත්‍යවරයා ඉවත්වීමේ සූදානම දැනුම්දීමට නියමිත බවත් වාර්තා වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න