ගෝඨා ජනාධිපති වෙයි : දිවුරුම් දීම හෙටයි !

ගෝඨා ජනාධිපති වෙයි : දිවුරුම් දීම හෙටයි !

ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කළ ගෝඨාභය රාජපක්ෂ තේරීපත්වී ඇති බව කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය නිවේදනය කළේය.

නොවැම්බර් 16 දින පැවති ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය අද (17) සවස කොළඹ මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරීම සිදුවිය.එම අවස්ථාවට ජයග්‍රාහී ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස ද සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ අවස්ථාවට එක්ව සිටියහ.

unnamed 3ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ වලංගු සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 52.25%ක් ලබාගෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කරද්දී ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාවූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස වලංගු ඡන්ද ප්‍රමාණයෙන් ලබාගත්තේ 41.99%ක් පමණි.

ජනාධිපතිවරණයේ තුන් වැනි ස්ථානය ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායකට ලබාගත හැකිවුයේ වලංගු සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් 4.2%ක ප්‍රමාණයක් පමණි.

මේ අතර හෙට (18) උදෑසන අනුරාධපුර රුවන්වැලිසෑය ඉදිරිපිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයේ දිවුරුම් දීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න