සුරක්ෂා සුරක්ෂිත කරන්නැයි ලංකා ගුරු සංගමය ඉල්ලයි

සුරක්ෂා සුරක්ෂිත කරන්නැයි ලංකා ගුරු සංගමය ඉල්ලයි

සුරක්ෂා පාසල් සිසු රක්ෂණය පෞද්ගලික අංශයෙන් රජයට පවරා ගන්නැයි ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

රජය සුරක්ෂා රක්ෂණයට කරන විශාල ආයෝජනයට සාපේක්ෂව පාසල් දරුවන්ට ප්‍රතිලාභ නොලැබෙන බැවින් මෙම ඉල්ලීම කළේ යැයි එහි ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පවසයි.

2017 ආරම්භ කළ සුරක්ෂා පාසල් සිසු රක්ෂණ ක්‍රමයට රජය රුපියල් මිලියන 2700ක් වෙන් කළද පාසල් දරුවන්ට ප්‍රතිලාභ හිමිවුණේ රුපියල් මිලියන හාරසියයක් පමණකැයි කී හෙතෙම එමගින් සිදුවන්නේ පෞද්ගලික සමාගම්වල මඩිය තරකිරීමක් යැයි චෝදනා කරයි.

මේ වනවිට එම රක්ෂණය පෞද්ගලික සමාගමකට ලබා දී ඇත්තේ ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව යැයිද අධ්‍යාපන ඇමතිවරයා ඒ ගැන දැනුවත් කළේ යැයි ද ස්ටාලින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

පසු ගිය රජය විසින් ආරම්භ කර පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක සුරක්ෂා රක්ෂණය ජාතික වගකීමක් ලෙස සලකා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා නිවේදනයක් නිකුත් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න