අතුරුදහන් වූවන්ගේ ඥාතීන් තවමත් මහ පාරේ

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් තවමත් මහ පාරේ

ඡාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් යුද්ධයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා ඊයේ (10) දින විරෝධතාවක නිරත වූහ.

වව්නියාව තැපැල් කාර්යාලය ඉදිරිපිටදි මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර එහිදී යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූවන්ට විසඳුම් ඉල්ලා වව්නියාවේ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් සත්‍යග්‍රහයක් ආරම්භ කොට දින 1025ක් මේ වන විට ගෙවී ඇති බවටත් මේ වන තුරුත් අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුමක් ලබා දීමට කිසිදු රජයකට නොහැකි වීමෙන් යුද්ධයේදී අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවටද එම ඥාතීන් කියාසිටිති.

එමෙන්ම යුද්ධයෙන් පසුව වසර 10කට වැඩි කාලයක් ගෙවී ඇතත් මේ දක්වා පැවති කිසිදු රජයක් විසින් තමන්ට පිළිගත හැකි විසඳුමක් ලබා දීමට නොහැකි වූ අතරම පසුගිය රජය විසින් අතුරුදහන් වූවන් වෙනුවෙන් පත් කල කාර්යාලයද කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවටත් අතුරුදහන් වූවන් වෙනුවෙන් ලබා දීමට නියමිත යැයි පැවසෙන වන්දි මුදල්ද තමන්ට පිළිගැනීමට නොහැකි බවට විරෝධතාවයේ නිරත වුවෝ පවසා සිටිති.

යුද්ධය වෙනුවෙන් අතුරුදහන් වූ 35,000කට අධික පිරිස් වෙනුවෙන් ඡාත්‍යන්තර පරික්ෂණයක් සිදු කොට ඔවුන්ට සිදු වූයේ කුමක්ද යන්න නිශ්චිත නිගමනයකට එළඹ වරදකරුවන්ට දඬුවම් ලැබිය යුතු බවටද විරෝධතාකරුවන් වැඩිදුරටත් පවසා සිටියහ.

අද

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න