MCC ගිවිසුමෙන් රට කොලනියක් වන බව කියූ අයට එක්වරම හිතකර වෙලා - කාවින්ද

MCC ගිවිසුමෙන් රට කොලනියක් වන බව කියූ අයට එක්වරම හිතකර වෙලා - කාවින්ද

රටට හානිකරයි, රට දෙකඩ වෙනවා, රට ඇමරිකාවේ කොලනියනක් වන බව පැවසූ එම්. සී සී ගිවිසුම එක්වරම රටට හිතකර වුයේ කෙසේදැයි විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පිරිස රටට හෙළි කළ යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙසේද කීය.

‘‘එම්. සී සී ගිවිසුම රටට හානිකරයි, රට දෙකඩ වෙනවා, රට ඇමරිකාවේ කොලනියනක් වෙනවා කියලා ශ‍්‍රී ලංකා පොදුජන විපක්ෂය බෙරිහන් දුන්නා. ඔවුන් පුන පුනා කිව්වේ ඔවුන් රටට එරෙහි කිසිදු ගිවිසුමක් අත්සන් කරන්නේ නැහැ. එවැනි ගිවිසුම් තියෙනවා නම් ඒවත් අහෝසි කරනවා කිව්වා.

නමුත් හාස්‍යයට කරුණ තමයි එම්. සී සී ගිවිසුම කියන්නේ යක්ෂයෙක් කොටියෙක් නෙමෙයි මේකෙන් රටට වෙන හානියක් නැහැ කියලා ඒ දේශපාලඥයන්ම මේ වනවිට නැවත වතාවක් මේ රටේ ජනතාවට කියනවා.

අපි විමල් වීරවංශලාට, ගම්මන්පිලලාට කියනවා එක පාරටම එම්. සී සී ගිවිසුම හොඳ වුණේ ඇයි කියලා රටට පැහැදිලි කරන්න කියලා. ලංකාව සිතියමක ඇදලා රට බෙදනවා, වැටවල් ගහනවා, වීසා ගන්න ඕන කියලා කියපු අය දැන් මේ ගිවිසුම හොඳයි කියන්නේ කියලා දැන් රටට මේ අය පැහැදිලි කළ යුතුයි’’ යැයිද ඔහු එහිදී පැවැසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න