පොහොට්ටු පොහොට්ටු මරාගනියි : රෙජිනෝල්ඩ්ට ගුටි !

පොහොට්ටු පොහොට්ටු මරාගනියි : රෙජිනෝල්ඩ්ට ගුටි !

පොහොට්ටු පක්ෂයේ සමාජිකයෙකු වන උතුරු පළාතේ හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේට ඊයේ (11) පානදුර ප්‍රදේශයේදී පොහොට්ටු පක්ෂයේ පිරිසක් විසින් පහරදී තිබේ.

රෙජිනෝල්ඩ් කුරේ මහජන හමුවකට සහභාගී වෙමින් සිටියදී ඔහුට විරුද්ධව පිරිසක් පානදුර තල්පිටිය ප්‍රදේශයේදී ඔහුට එරෙහිව විරෝධ තාවයක් සංවිධානය කර තිබී ඇත. 

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම පොහොට්ටු පක්ෂයේ සංවිධායකවරයෙකුද වන ජගත් අංගගේ විසින් රෙජිනෝල්ඩ් කුරේට විරුද්ධව මෙම විරෝධතාවය සංවිධානය කර තිබී ඇත.

ඔවුන් හිටපු ආණ්ඩුකාර වරයා පැමිණෙමින් සිටි මාර්ගය අවහිර කරමින් විරෝධය පළ කරමින් විරෝධතාවයේ යෙදී ඇති අතර ගැටුම ඇතිව තිබෙන්නේ එම විරෝධතාවය හේතුවෙනි.පොලිසිය මැදිහත්වී දෙපිරිසම විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

මේ දිනවල ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා ලබාගැනීමේ අරමුණෙන් පොහොට්ටු පක්ෂයේ සංවිධායකන් එකිනෙකා අතර දැඩි ප්‍රතිවිරෝධයක් හට ගෙන ඇති අතර බොහෝ තැන්වල මේ වනවිටත් බිම් මට්ටමින් ඒ ඒ සංවිධායකයන්ට එරෙහිව මෙවැනි සංවිධානාත්මක විරෝධයන් එල්ලකිරීමට පටන් ගෙන ඇත.

ඒ සඳහා පෙර පැවති ආණ්ඩුවලින් ඒ ඒ සංවිධායකයන් වරප්‍රසාද වරදාන ලබාගනිමින් සිදු කළ ජනතා ද්‍රෝහී කටයුතු පිළිබඳ තොරතුරුද කරලියට පැමිණෙමින් තිබෙන අතර එවැනි වංචා දූෂණ අදී තොරතුරුවලින් එකිනෙකාට චොදනා එල්ලකරගැනීමද සිදුවෙමින් තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න