ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිට : ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඇසීමේ සූදානමක් !

ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිට : ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඇසීමේ සූදානමක් !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය තබාගත හැකිද යන්න සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  අර්ථනිරූපනයක් ලබා ගැනීමට සූදානමක් පවතින බවට ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

19 වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයා කිසිදු අමාත්‍යාංශයක් තබාගත නොහැකි නමුත් ඔහු විධායක ජනාධිපතිවරයා ලෙස ත්‍රිවිධ හමුදාවේ අණ දෙන්නා වන්නේය.

මීට අමතරව යුද්ධය හා සාමය ප්‍රකාශයට පත් කිරීමේ බලතල පවතින්නේද විධායක ජනාධිපතිවරයාටය.එවැනි ත්ත්වයක් පවතිද්දී ආරක්ෂක අමාත්‍යාංශය වෙනත් ඇමැතිවරයෙකුට පැවරීම ගැටළු සහගත හෙයින් හා 19 වැනි සංශෝධනයේ අපහැදිලි තත්වයක් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් අර්ථනිරූපනයක් ලබාගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවද පැවසේ.

(ලංකාදීප )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න