ගිවිසුම අනූව මහ මැතිවරණයේ ලකුණ පුටුව : ශ්‍රිලනිපය අවධාරණය කරයි !

ගිවිසුම අනූව මහ මැතිවරණයේ ලකුණ පුටුව : ශ්‍රිලනිපය අවධාරණය කරයි !

ජනාධිපතිවරණයට පෙර ඇතිකරගත් එකඟතා අනුව ඉදිරි මහමැතිවරණයේ, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොදු ලාංඡනය ලෙස පුටුව ලකුණ යොදාගනු ඇතැයි විශ්වාස කරන ලබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර  සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පසුගියදා  පැවති, ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් පිරිසක් හමුවූ අවස්ථාවේ මහලේකම්වරයා මේ බව සඳහන්කර ඇත.

ඉදිරි මහමැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය සම්බන්ධව මේ වනවිට මත ගැටුමක් නිර්මාණය වී තිබෙන අතර පොදුජන පෙරමුණ නියෝජනය කරන පිරිස, ඉදිරි මැතිවරණ සඳහා පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වියයුතු බව දැඩිව කියා සිටියි.

ඔවුන් පවසා සිටින්නේ පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් නිර්මාණය කළයුතු බවත්, පොහොට්ටුවට ජැක් ගසා ඇති අනෙක් සුළු පක්ෂවල මතය වැදගත් නොවන බවත් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න