ආසියානු කුසලාන 21න් පහළ හොකී තරගාවලියේ ශ්‍රී ලංකාව දරුණු පසුබෑමකට ලක්ව ඇති බවත් ඊට අත්තනෝමතික හොකී පරිපාලනය මුලුමනින්ම වගකිවයුතු බවත් හොකී ප්‍රවීණයන් ගේ මතය වී තිබේ.
අදාල තරගාවලිය සඳහා A ඛාණ්ඩය යටතේ තරග වැදුනු ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම තායිලන්තය හමුවේ 4-2ක්, චීනය හමුවේ 5-1ක්, ඉරානය හමුවේ 3-2ක් ලෙස අන්ත පරාජයකට පත්ව ඇති අතර යන්තමින් හෝ ජාමේ බේරාගැනීමට හැකියාව ලැබුවේ උස්බෙකිස්තානය සමග තරගය 2-2ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් කරගනිමින් බවත් ඔවුන් පෙන්වා දෙයි.
හොකී පරිපාලනය විසින් ක්‍රීඩාව බඩවියත සහ තම තමන්ගේ ආසාවන් ඉශ්ට කරගන්න සීමා කරගෙන ඇති බැවින් දක්ශ ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩාව අතරමැද සමුදී නික්මයාම ප්‍රවණතාවක් වී ඇති බවත් දක්ශ පුහුණුකරුවන් ,විනිසුරුවන් රැසක් දැඩි කළකිරීමකට පත්ව සිටින බවත් ඔවුන් පවසයි.
මේ වන විට වසර 15ක පමණ කාලයක සිට ගැසට් නිවේදන සහ අධිකරණ තීන්දු පවා නොතකා ක්‍රීඩා නිලධාරීන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ ද කනෙන් රිංගන මේ දූෂිත හොකී මාෆියාව සම්බන්ධව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමට හොකී ක්‍රීඩාවේ ප්‍රවීණයන් රැසක් සූදානම් ව සිටින බවත් දැනගන්නට ඇත.

