FCID විමර්ශන නිලධාරීන් 40 ක් ස්ථාන මාරු කිරීමේ නියෝගයක් ?

FCID විමර්ශන නිලධාරීන් 40 ක් ස්ථාන මාරු කිරීමේ නියෝගයක් ?

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ (FCID) සේවය කළ පළපුරුදු පොලිස් නිලධාරීන් හතලිස් දෙනෙකු (40)  වහාම ක්‍රියාත්මකවන පරිදි වෙනත් ස්ථානවලට අනුයුක්ත කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත දේශපාලන අධිකාරියෙන් නියෝගයක් ලැබී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

එසේ ස්ථානමාරුවීම් සඳහා නම් කර සිටින සියලුම පොලිස් නිලධාරීන් පසුගිය යහපාලන ආණ්ඩුව සමයේදී පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ වංචා දුෂණ සම්බන්ධ චෝදනා විමර්ශනය කල නිලධාරින්වේ.

රාජපක්ෂවරුන්ගේ අලුත් ආණ්ඩුව බලයට පත්වූ වහාම පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පවිත්‍ර දයාරත්න වෙනත් ස්ථානකට මාරුකර යවන ලදී.

මෙතෙක් එම පුරප්පාඩුවට කිසිවකු පත්කර නොමැති අතර මේවනවිට පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය ක්‍රියාත්මක වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ඒකකයක් ලෙසය.

(ලීඩර් )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න