ස්විස් විදේශ කටයුතු ෆෙඩරල් දෙපාර්තමේන්තුවෙන් ලංකාවට සිහිකැඳවීමක් !

ස්විස් විදේශ කටයුතු ෆෙඩරල් දෙපාර්තමේන්තුවෙන් ලංකාවට සිහිකැඳවීමක් !

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ස්විට්සලර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය  සම්බන්ධව කටයුුතු කිරීමේදී ජාතික නීතිය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන ලෙස ස්විට්සර්ලන්ත විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.

තමාව පැහැර ගැනීමට ලක්වූ බව සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශ කිරිමේ චෝදනා යටතේ ඇය මෙසේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති එය මාධ්‍ය තුළ බොහෝ අවධානයට ලක්වූ සිදුවීමක් වියි.

මෙම සිදුවීම සම්බන්ධව  තම  දෙපාර්තමේන්තුව සැළකිලිමත් බවත්  තම සේවකයාගේ පුද්ගලික අයිතිවාසිකම් වඩා හොඳින් ආරක්ෂා කර සහතික කරන ලෙස ශ්‍රී ලංකා අධිකරණ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සේවා යෝජකයෙකු ලෙස ඔවුන්ගේ වගකීම් දිගටම ඉටු කරන බවත් කාර්ය මණ්ඩල සාමාජිකයාට සහාය වීම සඳහා ඔවුන්ගේ උපරිමයෙන් කටයුතු කරනු ඇති බවත් ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ  දැක්වෙයි. 

අදාළ නඩු විභාගයේදී ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය ශ්‍රී ලංකා බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අදාළ නීතිය යටතේ ඔවුන්ගේ යුතුකම් ඉටු කරන ලෙසත් තම සේවකයාගේ දුර්වල සෞඛ්‍ය තත්වය පිළිබඳව නිසි සැලකිල්ලක් දක්වන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බවත් එම ස්විස් ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න