පාස්කු ප්‍රහාරය ගැන සිරිසේනගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක් !

පාස්කු ප්‍රහාරය ගැන සිරිසේනගෙන් ප්‍රශ්න කිරීමේ සූදානමක් !

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නැවත ආරම්භ කර ඇති පරීක්ෂණවලදී හිටපු ජනාධිපති ‌මෙන්ම හිටපු ආරක්ෂක ඇමැතිවරයාද වූ ‌මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන්ද ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ ‌‌දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

ඒ සදහා ‌මේ වනවිට නීතිපතිවරයාද රහස් ‌පොලිසිය ‌වෙත උපදෙස් ලබා දී තිබේ.පාස්කු ප්‍රහාරය සිදූවන විට ඒ පිළිබදව කලින් බුද්ධි අංශ විසින් දැනුවත් කිරීම් කර තිබියදීත් ආරක්ෂක ඇමැති ‌ලෙසත්, ජනාධිපතිවරයා ‌ලෙසත් ‌මෛත්‍රිපාල සිරිසේන මහතා සිය වගකීම ඉටු කර ‌‌නොමැති බවට විශාල ‌චෝදනාවක් පසුගිය කාලයේ එල්ල වී තිබිණ.

ප්‍රහාරය එල්ල වන විට හිටපු ජනාධිපති සිරිසේන  සිංගප්පූරුවේ ‌පෞද්ගලික සංචාරයක නිරත වී සිටි අතර අවම වශයෙන් එසැණින් දිවයිනට පැමිණීමට ‌හෝ සිරිසේන කටයුතු ‌නොකිරීම දැඩි විවේචනයට ලක්වූ කාරණයක් විය.

වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාද කියා සිටියේ අදාළ බුද්ධී ‌තොරතුර සම්බන්ධයෙන් තමන් දැනුවත් වී ‌නොසිටි බවත්, අවම වශ‌යෙන් ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට ‌හෝ තමන් කැදවා ‌නොතිබූ බවත්ය.සිරිසේන, වික්‍රමසිංහ ට  අමතරව කතානායකවරයා ඇතුළු විශේෂ පුද්ගලයන් 11 ‌දෙනකුගෙන් රහස් ‌පොලිසිය ‌මෙසේ ප්‍රශ්න කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ

(මුලාශ්‍රය - මව්රට )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න