පක්ෂ නායකත්වය නැතිව අගමැති අපේක්ෂකත්වය එපා - සජිත් 

පක්ෂ නායකත්වය නැතිව අගමැති අපේක්ෂකත්වය එපා - සජිත් 

පක්ෂ නායකත්වය නොමැතිව ඉදිරි මහමැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය භාර නොගන්නා බව  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස  පවසයි.

"සජිත් ප්‍රේමදාස ගමින් ගමට ජනතාව මුණ ගැසීම” ජන රැළි මාලාවේ ජනහමුවකට පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී ඊයේ (17) එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

තමන් කොන්දේසි වලට යටත්වන පුද්ගලයකු නොවන බැවින් කිසිඳු කොන්දේසියක් මත කටයුතු කිරීමට ඉදිරියේදීත් සූදානම් නොමැති බවත් සජිත් ප්‍රේමදාස  සඳහන් කළේය.

මුරණ්ඩු ලෙස පක්ෂ නායකත්වය ලබා ගැනීමටත් තමන් කටයුතු නොකරන බවත් පැවසූ ප්‍රේමදාස මහතා පාක්ෂිකයන් බහුතරයකගේ ඉල්ලීම අනුව කටයුතු කිරීමට සූදානම් බවත් එහිදී සඳහන් කළේය.

එසේම තමන් විශ්‍රාම යායුතුයැයි ජනතාව කියන්නේ නම් තමන් ඊටත් සූදානම් බවත් ඔහු පවසා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න