පාඨලී 24 තෙක් බන්ධනාගාරයේ : ඇප දෙනවද නැද්ද තීන්දුවත් එදාට !

පාඨලී 24 තෙක් බන්ධනාගාරයේ : ඇප දෙනවද නැද්ද තීන්දුවත් එදාට !

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්  කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා තෙක් යළි  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නේරංජලා ද සිල්වා අද (19) නියෝග කළාය. 

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

නීතිය අවභාවිතා කර ඇති බවට චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහුට එරෙහිව චෝදනා ගොනුකර තිබු අතර  විමර්ශන කටයුතු නිමවනතෙක් ඇප ලබානොදෙන ලෙස අද දිනයේ අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ චම්පික රණවක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනීසිටී නීතිඥයින් කියා සිටියේ, එවැනි චෝදනාවක් යටතේ වුව ඇප මතමුදා හැර විමර්ශන කිරීමට නීතියෙන් බාධාවක් නොමැති බවයි.

මෙම සිද්ධියට අදාලව නඩු විභාගයක් පවත්වා තීන්දුවක් ද ප්‍රකාශයට පත්කර තිබියදී නීතිය අවභාවිතා කරමින් සිටින්නේ දැන් බව චම්පික රණවකගේ නීතිඥයින් අවධාරණය කර සිටියේය.

පොලිසිය දැන් උත්සහ කරන්නේ ඔවුන් විසින් සිදුකරන ව්‍යාජ පරීක්ෂණය සඳහා අධිකරණයේ සීල් එක ගසා ගැනීමට බව එම නීතිඥයින් සඳහන් කළේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඇප ලබාදෙන්නේද නැද්ද යන තීන්දුව දෙසැම්බර් 24දා ප්‍රකාශකරන බව දැනුම් දුන්නාය.

චම්පික රණවක හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥයින් වන අජිත් පතිරණ, ශ්‍රිරාල් ලක්තිලක, ගුණරත්න වන්නිආරච්චි ඇතුළු නීතිඥයින් 30කට ආසන්න පිරිසක් පෙනී සිටියහ. 

එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ද අධිකරණ භූමියට රැස්ව සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න