සහල් මාෆියාව ජනාධිපතිටත් උඩින් ක්‍රියාත්මකයි : පාරිභෝගික සංගම් පෙන්වාදෙයි !

සහල් මාෆියාව ජනාධිපතිටත් උඩින් ක්‍රියාත්මකයි : පාරිභෝගික සංගම් පෙන්වාදෙයි !

මහා පරිමාණ මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම්වරයා දෙසැම්බර් මස 10 දින කරන ලද සාකච්ඡාවකින් පසු සම්බා සහල් කිලෝ එකක් රුපියල් 99.00 කටත් නාඩු සහල් කිලෝ එකක් රුපියල් 98.00 කට අලෙවි කිරීමට එකඟ වුවද තවම එය ගැසට් කර නොමැති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

සහල් සදහා තවම නව ගැසට්පතක් නිකුත් කර නොමැති බවත්, තවම වලංගු වන්නේ 2019/05/ 31 දින නිකුත් කරන ලද  අතිවිශේෂ ගැසට් අංක 2125/66 බවත්,  ඒ අනුව සුදු සම්බා කිලෝ එකක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 85.00 ක් හා සුදු නාඩු කිලෝ එකක උපරිම සිල්ලර මිල රුපියල් 80.00 ක් බවත් එම සංවිධානය පවසයි.

unnamed

ජනාධිපති තනියම සටනක !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (18) ප.ව 7.30ට පමණ නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.නව රජය විසින් ලබාදී ඇති බදු සහන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල කෙරෙහි බලපා ඇති ආකාරය මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයට යොමු වී ඇත.

එම ස්ථානයේ සිටම මුදල් අමාත්‍යාංශයේ සහ පාරිභෝගික අධිකාරියේ නිලධාරින් දුරකථනයෙන් සම්බන්ධකරගත් ජනාධිපතිවරයා බදු සහනවල ප්‍රතිලාභ නිසි ලෙස ව්‍යාපාරිකයන්ට සහ ජනතාවට ලැබෙන්නේ ද යන්න පිළිබඳව විමසිලිමත් වන ලෙස දැනුම්දුන්නේ ය.

ප්‍රකාශිත උපරිම සිල්ලර මිල බලාත්මක කිරිමට සහ වෙළෙඳපොළ මගඩිවලට පාරිභෝගිකයන් ගොදුරුවන උත්සව සමයේ දී අත්‍යාවශ්‍ය භාණ්ඩ නොකඩවා වෙළෙඳ පොළට සැපයීම සහතික කිරිමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිවරයා පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න