පාඨලී බේරා ගැනීමට උපරිම නීත්‍යානුකූල පියවර ගන්නවා - සජිත්

පාඨලී බේරා ගැනීමට උපරිම නීත්‍යානුකූල පියවර ගන්නවා - සජිත්

පාඨලී චම්පික රණවක මහතා බේරා ගැනීම සඳහා හැකි උපරිම නීත්‍යානුකූල පියවර අපි ගන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසයි.

ජනාධිපතිවරණය සඳහා සහාය දුන් පාක්ෂිකයන් සඳහා ස්තූතිය පුද කිරීම වෙනුවෙන් අද (19) අගලවත්තේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවැති උත්සවයකදී මේ බව කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

"ජනාධිපති මැතිවරණයට සූදානම් වන මුල් කාලයේ දී පොඩි පොඩි කතා තිබුණත්,ජනාධිපතිවරණයේ දී මා ජයග්‍රහණය කර වීම සඳහා පාඨලී චම්පික රණවක මහතා හදවතින්ම කටයුතු කළ බව මා දන්නවා. ඔහු අත්අඩංගුවට ගත් පසු පොලිසියේ මෙන්ම උසාවි සංකීර්ණයේ මම ඊයෙ හිටියා අනතුරක් සම්බන්ධව අත්අඩංගුවට ගත් පාඨලී චම්පක මහතා වෙනුවෙන් නීත්‍යානුකූලව ගත හැකි උපරිම පියවර ගැනීමට අපි සියලු කටයුතු කරනවා.

මැතිවරණ සමයේ දී මගේ ප්‍රතිවාදී ප්‍රධාන කණ්ඩායම කිව්වා එම් සීසී ගිවිසුම රටට බොහොම අහිතකරයි ශ්‍රී මහා බෝධිය වඳින්නත් අපිට පිටරටවලින් ටිකට්පත් ගන්න වෙයි මේක ඉරා දමන්න වුණා කියලා.

මේ රටේ ජනතාවගෙන් ලක්ෂ 69 ක් ඒක හරි කියලා කිව්වා. නමුත් අද සමහරු කියනවා 70% ක් ගිවිසුම හොඳයි ලු. ඒ නරක ගිවිසුම් තියාගන්න හොඳ නෑ ඒවා ඉරලා දාන්න ඕනා . ඒ නිසා මම ඒ අයට යෝජනා කරනවා ගෝල්ෆේස් පිටියට ගෙනල්ලා ඒ ගිවිසුම අපි දෙගොල්ලොම එක්ක එකතු වෙලා ඉරලා දාමු කියලා යැයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න