Language Switcher

V2025

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීට හා දැව සංස්ථා සභාපතිට සිරදඬුවම්

රුපියල් මිලියන 20 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට අද (19) කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කරන ලදී.

එහිදී අයි.එච්.කේ. මහානාම මහතාට වසර 20 ක් ද පී.දිසානායක මහතාට වසර 12 ක ද බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරිණි.

 මහාධිකරණය විසින් අද එම නඩුව කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කළේය.