පාඨලී අත්අඩංගුවට ගැනීම : කතානායක ස්ථාවරය මෙන්න !

පාඨලී අත්අඩංගුවට ගැනීම : කතානායක ස්ථාවරය මෙන්න !

ඊයේ (18) රාත්‍රීයේදී,  පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරිමක් බව පැහැදිලිව පෙනී යන්නක් බව කතානායක කරූ ජයසූරිය ගේ ස්ථාවරය වී තිබේ.

ඒ බව අනාවරණය කරමින් කතානායක කාර්‍යාලය විසින් විශේෂ නිවේදනයක් නිකුත්කර ඇත.

එහි මෙසේද සදහන් වෙයි.

පාර්ලිමේන්තුවේ පුර්වගාමි කථානායකවරුන්  විසින්ද පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ  වරප්‍රසාද ආරක්ෂා කරනු වස් අනුගමනය කරනු ලැබ  ඇති මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාළ  පිළිවෙත මෙවැනිම සිද්ධීන් සම්බන්ධව හිටපු ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමා විසින් ලබාදුන් තීරණ මඟින්ද අවධාරණ කර ඇති බව 2015.03.03 දින 232/12 සහ 2015.04.21 දින  234/6 හැන්සාඩ් වාර්තා තුළින්  පැහැදිලි වේ.

වත්මන් කථානායක කරු ජයසුරිය මැතිතුමා විසින්ද මෙම සම්ප්‍රදාය තවදුරටත් ශක්තිමත් කළ අතර සිය  ධූර කාලය තුළ මේ දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමට පෙර කථානායකවරයා දැනුවත් කළ යුතුය යන්න මත පිහිටා කටයුතු කර ඇත.

විශේෂයෙන්ම පසුගිය වසර 04 ක කාලය තුළ මෙම සම්ප්‍රදාය වෙනුවෙන් දැඩිව පෙනී සිටි එවකට විපක්ෂය නියෝජනය කළ  පාර්ශවය රාජ්‍ය බලය ලබා ගත් සැනින්ම එම සම්ප්‍රදාය උල්ලංඝනය වීමට ඉඩ හැරීම විමතියට හා කණගාටුවට  කරුණකි.

කිසියම් වරදක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරිම රජයක පැහැරහල නොහැකි වගකීමක් වන අතර එහිදී නිතියට ගරු කිරිමට සියලු පුරවැසියන් බැඳි සිටින බවට කිසිදු විවාදයක් නොමැත.

නමුත් එහිදි  පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන නියෝජිත වරප්‍රදාස සම්බන්ධයෙන් වන පිළිවෙත උල්ලංඝනය කිරිම, ප්‍රජානත්ත්‍රවාදි පාලන ක්‍රමයක වැදගත් සම්ප්‍රදායන් අභියෝගයට ලක් කිරිමක්  පමණක් නොව එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිඳවැටීමක  භායානක පෙර නිමිත්තක් බවද පෙන්වා දෙමු.

කථානායක කාර්යාලය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න