බ්‍රිගේඩියර්ගේ සේවා අත්හිටුවීමට ඔස්ටින් සම්බන්ධයි !

බ්‍රිගේඩියර්ගේ සේවා අත්හිටුවීමට ඔස්ටින් සම්බන්ධයි !

එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශකවරයා කටයුතු කල බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට තීරණය කර ඇත්තේ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුළු රජයේ ඉහලම නිලධාරීන් කිහිප දෙනෙකුගේ ඒකමතික තීරණයකට අනුවය.

පෙබරවාරි 4 වෙනිදා ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලය අසළ විරෝධතාවක නියැලුණු පිරිසක් වෙත බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු 'ගෙල සිඳින ආකාරයේ' ප්‍රතිචාර දැක්වීමකට අදාළව මාධ්‍ය ඔස්සේ එල්ලවූ විරෝධය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ රැස්වීමට ජනාධිපති ලේකම්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්, විදේශ අමාත්‍යංශයේ ලේකම් හා යුධ හමුදාපතිද සහභාගී වී ඇත.

බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂ මන්ත්‍රීවරියන් දෙදෙනෙක්, එම නිලධාරියාගේ රාජ්‍ය තාන්ත්‍රික බලපත් ඉවත් කොට ඔහු නෙරපා හරින ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා වෙත යොමුකර තිබු ලිපියද මෙම හමුවේදී සාකච්ජාවට බඳුන්වී තිබේ.

මෙම සිද්ධිය හරහා එක්සත් රාජධානියෙන් ශ්‍රී ලංකා රජයට බලපෑමක් එල්ලවීමේ අවධානම (PNG -persona non grata) සලකා බලා ඇති ඔවුන් සියලු දෙනා, බ්‍රිගේඩියර්වරයාගේ සේවය වහාම අත්හිටුවීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීම ජනාධිපති ලේකම්වරයාත් අගමැතිවරයා දැනුම්දීම විදේශ අමාත්‍යවරයාත් බාරගෙන තිබේ.

කෙසේවුවද එවැනි තීන්දුවක් ගැනීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයාට දැඩි ආවේගයෙන් යුතුව බැනවැදී ඇති ජනාධිපතිවරයා, අදාළ බ්‍රිගේඩියර්වරයාගේ සේවය අත්හිටුවීමේ නියෝගය වහාම ඉවත් කරන ලෙස ඔහුට නියෝග කර තිබිණ.

බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ගෙන් විරෝධතා

බ්‍රිගේඩියර්වරයාගේ සේවය අත්හිටුවීමේ තීන්දුව ගැනීමට මුළුමනින්ම එකඟත්වය පළකර තිබු යුධ හමුදාපතිවරයා, ජනාධිපතිවරයාගේ හැසිරීමෙන් පසු බ්‍රිගේඩියර්වරයාට ක්‍රියාකලාපය අගයමින් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළේය.

ලෝක අවධානය දිනාගනිමින් දෙමළ උද්ඝෝෂකයන්ගේ බෙල්ල කපන බවට සන් කළ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර්ට එරෙහිව කිසිදු පරීක්ෂණයක් නොකරන බව යුද හමුදාවේ ප්‍රධානියා ප්‍රකාශ කරද්දී ඔහුට දඬුවම් කිරීමට පියවර ගන්නා ලෙස බ්‍රිතාන්‍යය තුලින්ම දැඩි බලපෑම් එල්ලවෙමින් පවතී.

විඩියෝ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න