කෝප් කමිටුව හිස් : වෝහාරික විගණන වාර්තාව හමස් පෙට්ටියේද ?

කෝප් කමිටුව හිස් : වෝහාරික විගණන වාර්තාව හමස් පෙට්ටියේද ?

පසුගිය දෙසැම්බර් 03 වනදා වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ගිමේන්තුවේ වාර අවසාන කිරීම හේතුවෙන් අහෝසි වී ගිය කෝප් හෙවත් පොදු ව්‍යපාර කාරක සභාව මෙතෙක් පිහිටුවීමට කටයුතු කර නැති බව විපක්ෂ දේශපාලන පාර්ශවයන් චෝදනා කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමත් සමග  ගිණුම් කාරක සභාව ඇතුළු තවත් කාරක සභා 11ක්ද අහෝසි වී ගිය අතර එම කාරක සභාද තවමත් පිහිටුවීමට කටයුතු කර නොමැත.

විශේෂයෙන් පැවති රනිල් - සිරිසේන  ආණ්ඩුව සමයේ සිදු වූ මහ බැංකුවේ ප්‍රශ්නගත බැදුම්කර ගනුදෙනුව  සම්බන්ධයෙන් කෝප් සභාවේ නිර්දේශ මත මහ බැංකුව විසින් සිදු කළ වෝහාරික විගණන වාර්තාව පිළිබඳව තීරණයක් ගැනීමට කොප් කමිටුව රැස්වීමට නියමිතව තිබූ 2019.12.03 වනදාම, එයට රැස්වී අදාළ වෝහාරික විගණන වාර්තාව පිළිබඳව කිසිඳු තීරණයක් ගැනීමට ඉඩ නොතබා 2019.12.02 මධ්‍යම රාත්‍රියේ නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරන ලදී.

නව ජනාධිපතිවරයෙකු පත්වූ පසු පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සම්ප්‍රදාය වුවත් රටේ මහත් ආණ්දෝලනයකට තුඩු දුන් බැඳුම්කර වංචාව පදනම්කරගෙන සකසක් කළ වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිත දින පාර්ලිමේන්තුව රැස්වීමට තීබු අවස්ථාව අහුරමින් මෙලෙස පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සම්බන්ධයෙන් රට තුළ මහත් කතාබහක් ඇති විය.

එවිට ආණ්ඩුවේ මැති ඇමතිවරු විශේෂයෙන් විමල් විරවංස වැනි ඇමතිවරු සඳහන් කර සිටියේ යළි පාර්ලිමේන්තුව රැස්ව ජනවාරි 03වනදා කෝප් කාරක සභාව පිහිටුවා එදිනම වෝහාරික විගණන වාර්තාව එළි දක්වන බවය. එහෙත් මේ වනතෙක් එම කාරක සභා පිහිටුවීමට කටයුතු කර නැත.

එමෙන්ම වෝහාරික විගණන වාර්තාව සම්බන්ධයෙන් ගනු ලබන්නේ කුමන තිරණයක්ද යන්නත් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.

කෝප් කමිටුවේ හිටපු සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති  පසුගියදා සඳහන් කර සිටියේ කෝප් කාරක සභාව රැස් නොකළත් කතානායකවරයාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට මෙම වෝහාරික විගණන වාර්තාව පිළිබඳව තීරණයක් ගැනීමට නිල ලෙසම බලය ඇති බවය.

වෝහාරික විගණන වාර්තාව මෙතෙක් කිසිඳු පුද්ගලයෙකුට නිරාවරණය නොකළ රහස්‍ය ලියවිල්ලක් ලෙස තබා ඇතත් අග්‍රමාත්‍ය උපදේශක, හිටපු මහ බංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්  මෙම වෝහාරික විගණන වාර්තාව දැඩි ලෙස විවේචනය කරමින් පුවත්පත්වලට ලිපි සපයමින් සිටියි. මෙම වාර්තාවේ ගුණ අගුණ කීමට ඔහු එම වාර්තාව දැකගනු ලැබුවේ කෙසේද යන්නත් මේ වනවිට ජනතාව ප්‍රශ්න කරමින් තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න