ශ්‍රිලනිප හිත හොඳටම රිදිලා : ඒත් ඉවසනවා - පියදාස 

ශ්‍රිලනිප හිත හොඳටම රිදිලා : ඒත් ඉවසනවා - පියදාස 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යනු කිසිවකුගේ අත පල්ලෙන් වැටුණු පක්ෂයක් නොවන බවටත් තමන්ට දිගින් දිගටන කෙණෙහිලිකම් සිදුවුවත් ඕනෑම  අභියෝගයකට මුහුණ දී සන්ධානය යටතේ තවදුරටත් වැඩ කිරීමට කැමති බව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) පාර්ශ්වයෙන් දිගින් දිගටම සිදුවන කෙණෙහිලිකම් පිළිබඳ අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේ, ඊයේ (18) මහනුවරදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

“මම හිතන්නේ අපට සාමාන්‍ය සාමාජිකයින්, මන්ත්‍රීවරු, රාජ්‍ය ඇමතිවරු කියන කතන්දර නෙවෙයි වැදගත් වෙන්නෙ. අපට වැදගත් වෙන්නෙ පක්ෂ නායකයින් ඇති කරගත්තු එකඟතාවයන්.

කොහොම නමුත් අපට මේ එකිනෙකා කෙණෙහිලි කරනවා නම්, අපි කාගෙවත් අත පල්ලෙන් වැටිලා නෑ, අපට ඕනෑම අභියෝගෙකට අපි මුහුණ දෙන්න ලෑස්තියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීට වඩා දරුණු, බරපතළ විවේචනයන්ට ගොදුරු වෙලා තියෙනවා. මේ විවේචන එතරම් අපට නුපුදුරු විවේචන නෙවෙයි කියලයි මම හිතන්නෙ.

ඉතිං ඒ ඕනෙම අභියෝගයකට මුහුණ දෙන්න අපි ලෑස්තියි. සන්ධානය යටතේ අපි වැඩ කරන්න කැමතියි. සන්ධානය ආරක්ෂා කරන්න අපි කැමතියි. හැබැයි අපිව නොසලකා හරිනවා නම් අපට ඒකටත් විකල්ප හොයාගෙන යන්න වෙයි කියලයි මම හිතන්නෙ” යනුවෙනුයි ඔහු සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න