Language Switcher

V2025

කරූ තීන්දුව ගනියි : වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට !

ආන්දෝලනාත්මක බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ ‌වෝහාරික විගණන වාර්තාව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනගත හැකි වන පරිදි සභාගත කිරීමට කතානායක කරු ජයසූරිය තීන්දු කර ඇත.

කතානායකවරයා ‌මෙම තීන්දුව ‌ගෙන ඇත්තේ එම වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබා ‌‌නොදෙන ‌ලෙසට නීතිපති දප්පුල ද ලිවේරා  විසින් කතානායකවරයා ‌වෙත උපදෙස් ලබා දී තිබියදීය.

මීට අමතරව ඊ‌යේ (20) අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා විද්‍යුත් මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැතිි සාකච්ජාවේදී අගමැතිවරයා පවා ප්‍රකාශ කර සිටියේ ‌‌මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු නැති බවත්, නීතිපතිවරයා පවා ඒ සම්බන්ධයෙන් උපදෙස් නිකුත් කර ඇති බවත්ය.

කෙසේවෙතත් කතානායවරයා ගත් තීන්දුව සම්බන්ධයෙන් ජනතා විමුක්ති ‌පෙරමුණ කතානායකවරයා ‌වෙත විශේෂ ස්තූතියක්ද පළ කිරීමට කටයුතු කළේය.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කාළේ, තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් එම වාර්තාව සභාගත කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා ඇති බවය.

පාර්ලිමේන්තුවේ කටයුතු පාලනය කිරිමේ බලයක් නීතිපතිවරයාට නොමැති බවත්, ඒ පිළිබඳව නීතිමය තත්වය කතානායකවරා සමග සාකච්ඡා කර ඇති බවත් නිර්නාමිකව අදහස් දැක්වූ එම මන්ත්‍රීවරයා කීය.

Leave your comments

Post comment as a guest

0
Your comments are subjected to administrator's moderation.
terms and condition.
  • No comments found