රාජ්‍යයේ දේහයට යළී වසංගතයක් :සිවිල් ආරක්ෂකයන්ට හමුදා තනතුරු !

රාජ්‍යයේ දේහයට යළී වසංගතයක් :සිවිල් ආරක්ෂකයන්ට හමුදා තනතුරු !

සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ දිස්ත්‍රික් නිලධාරීන් යුද හමුදාවේ ස්වෙච්ඡා බල සේනාවේ අධිකාරී ලත් නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ජනාධිපතිවරයා අවසර දී ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත.

ජනවාරි 13 දින ජනාධිපතිවරයා එම අවසරය දුන් බව සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අද්මිරාල් ආනන්ද පීරිස් පැවසූ බවද එම වාර්තාවල සඳහන්ය.

එමෙන්ම එම කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්නගේ හා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වගේ අනුමැතිය හිමිවූ බවද එම වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.

මේ වූ කලී මීට පෙර මහින්ද රාජක්ෂ ආණ්ඩු සමයේදී පාසල්වල විදුහල්පතිවරුන්ට බ්‍රෙවේ කර්නල් තනතුරු දීමටත් එහා ගිය එකකි.  

සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව යනු යුද සමයේදී ග්‍රාමරක්ෂකයන් ලෙද බඳවාගත් පිරිස්වලින් සැදුම්ලත් ඒකකයකි. පසුව එය සිවිල් ආරක්ෂක බලකාය විය. මේ පිරිස් රාජකාරී කටයුතු වල යොදවනු ලැබුවේ පොලීසියත් සමගය. ඔවුන් අනුයුක්ත කරනු ලැබුයේ පොලිස් ස්ථානවලයට දෙපාර්තුමේන්තුවක් බවට එය පත්කරනු ලබන්නේ පහු ගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදීය.

සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ දිස්ත්‍රික් නිලධාරීන්ට ශ්‍රී ලංකා යුද හමුදාවේ අධිකාරී ලත් නිල ලබාදීම මගින් එය යළි හමුදාමය හෝ අර්ධ හමුදාමය ඒකකයක් බවට පත්වීම වැළැක්වීය නොහැකිය.

හමුදාමය නොවන සිවිල් දෙපාර්තුමේන්තුවල නිලධාරීන්ට මේ ආකාරයට යුද හමුදාවේ අධිකාරී ලත් තනතුරු දීම කොතැනින් නවතීවිදැයි කිව නොහැකිය. පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේදී විශ්වවිද්‍යාල සිසුන්ට හමුදා පුහුණුවක් ලබාදීමට ගත් උත්සාහය මෙහිදී සිහියට නැගේ.

සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව සම්බන්ධ මෙම තීන්තුවෙන් පෙනෙන්නේ නැවතී තිබුණු හමුදා පුහුණු, හමුදා තනතුරු ලබාදීම් යළී වසංගතයක් සේ රාජ්‍යයේ දේහයට පතුරමින් තිබෙන බවය.

(anidda.lk)  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න