කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සහ පත්කළ මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචි සඳහන් කරයි.
මේ දෙදෙනා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂයේ සාමූහික විනය කඩ කිරීමේ චෝදනාව මත යැයිද දැනගන්නට තිබේ.
එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නිල කාලය පසුගිය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ අතර අලුත් සාමාජිකයින් පත් කිරීමෙන් පසු අද (30) පස්වරු 3ට සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී නව කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතව ඇත.
එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව පත්කිරීම් සිදු කළාදැයි පිටකෝට්ටේ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (29) පැවැති පුවත්පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පක්‍ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසුවේ ‘එක්කෙනෙක් දෙන්නෙක් ඇරුනම පරණ අයම පත් කළා” යනුවෙනි.

