දුරකතන බදු සහනය කෝ ? 

දුරකතන බදු සහනය කෝ ? 

රජය විදුලි සංදේශ ගාස්තුවලට අයකරනු ලබන බද්ද 25% කින් 2019 දෙසැම්බර් මස 01 වන දා සිට අඩු කිරීමට පියවරගෙන ඇතත් එහි වාසිය දුරකථන සහ අන්තර්ජාල පරිශීලකයන්ට ලබාදීමට දුරකථන සහ අන්තර්ජාල සේවා සපයන සමාගම් අපොහොසත් වී ඇති බව  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් එම සංගමය මේ බව සදහන් කරන අතර   ඒ සම්බන්ධයෙන් තම  සංවිධානය 06/12/2019 දින ශ්‍රී ලංකාවට දුරකථන හා අන්තර්ජාල සේවා සපයන සමාගම් හයකින් සිදුවූ බදු අඩුවීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් ලිඛිතව ඉල්ලා සිටි නමුත්  එම වාර්තාව මේ වන විටත් විටත් සංවිධානයට ලබාදීමට  දුරකථන  සේවා සපයන සමාගම් හය අපොහොසත් වී ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

අදාල නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සදහන් වෙයි.

අද (30) පුවත්පත් කිහිපයක “දුරකථන බදු සහන ජනතාවට වහාම දෙන්න සමාගම් වලට විදුලි සංදේශයෙන් නියෝග” යනුවෙන් පුවතක් සදහන් වන අතර එමගින් පෙනී යන්නේ දුරකථන බදු සහන තවමත් නිවැරදි ආකාරයෙන් පාරිභෝගිකයන්ට ලබාදීමට සේවා සපයන සමාගම් අපොහොසත් වී ඇති බවය.

 තවද අයකරගන්නා බදු ප්‍රතිශතයන් සහ බදු සහන ලබාදීමට කටයුතු කල කාල සීමාව සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් සැපයීමට අපොහොසත්වීම තුල දුරකථන සමාගම් බදු සහන නිසි ලෙස පාරිභෝගිකයාට ලබාදෙනවාද යන්නෙන් සැකයක් පැනනැගේ. 

මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා බදු සහන කඩිනමින් ජනතාවට ලබාදීමට කටයුතු කරනා ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් හා පාරිභෝගික ආරක්ෂණ අධිකාරියෙන් ඉල්ලා සිටිමු.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න