මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි - මාධ්‍ය සංවිධාන එකතුව 

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ පුළුල් සංවාදයක් අවශ්‍යයි - මාධ්‍ය සංවිධාන එකතුව 

මාධ්‍ය වෘත්තියෙහි නියැලීම හේතුවෙන් විවිධ අපරාධවලට ගොදුරුවු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරන ලෙස බලපෑම් කරමින් මාධ්‍ය සංවිධාන හයක් එකතුව සංවිධානය කළ ‘ජනවාරිය තවම කළුයි 2020’ වැඩ සටහන ජනවාරි 28 දා ශ්‍රී ලංකා පුවත්පත් ආයතන ශ්‍රවණාගාරයේදි ආරම්භ විය.

මෙම ආරම්භක අවස්ථාවට මාධ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරමින් මාධ්‍යවේදීන්, නීතිඥයින්, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වුහ. 

වැඩ සටහන අරඔමින් පැවති සංවාදාත්මක කතිකාවට සහභාගි වු නීතිඥ රමණි මුත්තේට්ටුවේගම පෙන්වා දුන්නේ ‘ වෘත්තිකයින් අතරින් තම වෘත්තීය කටයුතු නිසා  වැඩිම ප්‍රමාණයක් අනතුරට පත්වු වෘත්තිය ජනමාධ්‍ය වෘත්තිය බවට පත්ව ඇති බවයි.
 
 වැඩිදුරටත් ඇය මෙසේද කීවාය.‘යම් වෘත්තිකයෙක් සිය වෘත්තිය නිසා අනතුරට පත්වුවහොත් එම වෘත්තියත් අනතුරට භාජනය විය හැකියි. මේ නිසා කවර මතවාදි වෙනස් කම් තිබුනත් වෘත්තිකයින් ලෙසට එක්ව සිය ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම අවශ්‍යයයි’ 
මෙම සංවාදාත්මක කතිකාවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සාමාජික නීතිඥ රමණි මුත්තේට්ටුවේගම සංවාදයෙහි ආරම්භක අදහස් දැක්වීම කළ අතර නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් කැඳවුම්කරු සී.දොඩාවත්තද, ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍ය සංසදය ජාවිඩි මුනවර්ද, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් ද, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ මහ ලේකම් ධර්මසිරි ලංකාපේලිද,  දමිළ මාධ්‍ය එකතුව වෙනුවෙන් ඒ. නික්සන්ද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වෙනුවෙන් ශාලික විමලසේන ද අදහස් දක්වමින් සංවාද කතිකාවට එක් වුහ. 
 
සංවාද කතිකාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් සහ සිවිල් සමාජ නියෝජිතයින් එක්ව ඝාතනයට හා විවිධාකාර පීඩාවන්ට පත් වු මාධ්‍යවේදීන් සිහි කිරීම පිණිස ‘ පහන් දැල්වීමේ’ වැඩ සටහනක් ලිප්ටන් වටරවුමේ දි පවත්වන ලදී. ප.ව. 6.00 ආරම්භවු මෙම පහන් දැල්වීමේ වැඩ සටහන රාත්‍රි 7.30 පමණ වනතුරු පැවති අතර මාධ්‍යවේදීන් ඇතුළු සාමජ ක්‍රියාකාරියන් විශාල පිරිසක් මේ සඳහා සහභාගි වුහ. 
 
මාධ්‍ය සංවිධාන එකතුව
 
# නිදහස් මාධ්‍ය ව්‍යාපාරය 
# ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
# මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය 
# ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය
# තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
# දමිළ මාධ්‍ය එකතුව 
 
1 සහභාගිකයන් ගෙන් කොටසක්
3 සී. දොඩාවත්ත
4 රමණී මුත්තෙට්ටුවෙගම
5 ජාවිඩි මුනවර්
6 දුමින්ද සමිිපත් 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න