වෝහාරික විගණන වාර්තාවේ ඇමුණුම් සහ ප්‍රදර්ශක පාර්ලිමේන්තුවට !

වෝහාරික විගණන වාර්තාවේ ඇමුණුම් සහ ප්‍රදර්ශක පාර්ලිමේන්තුවට !

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳව, විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයට අනුකූලව, මහබැංකුව විසින් සිදු කරන ලද වෝහාරික විගණනයේ මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තා 05 ට,අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක මේ වන විට පාර්ලීමේන්තුවට ලැබී තිබේ.

අදාළ ඇමුණුම් හා ප්‍රදර්ශක නොමැතිව විගණන වාර්තා සම්පුර්ණ නොවන බවට රජයේ හා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ම පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ අතර , මෙම වෝහාරික විගණන වාර්තාව සම්බන්ධව විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන මස (පෙබරවාරි ) 18 හා 19 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.

මීට පෙර පාර්ලිමේන්තුවට ලබා දී තිබූ   වෝහාරික විගණන වාර්තාවේ අදාළ ඇමුණුම්  හා ප්‍රදර්ශක නොතිබූ  අතර, එම තොරතුරු සහිතව සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස,  කථානායක කරු ජයසූරියගේ උපදෙස් මත, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක  විසින් පසුගියදා ,ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්  වෙත ලිඛිතව  දන්වනු ලැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න