සජිත් පාර්ශවය වර්ජනය කළ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට මංගල ගිහින් !

සජිත් පාර්ශවය වර්ජනය කළ කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවට මංගල ගිහින් !

අද (30) පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සජිත් ‌ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින් වර්ජනය කරනු ලැබ තිබියදී මංගල සමරවීර මහතා ඊට සහභාගී වී ඇති බව දැනගන්නට ඇත.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු ඉකුත් කාලය පුරාම සමරවීර මහතා විදෙස්ගතව සිටි අතර එජාපයේ අභ්‍යන්තර රැස්වීමක් සදහා ජනාධිපතිවරණ පරාජයෙන් පසුව සමරවීර මහතා සහභාගී වූ පළමු අවස්ථාවද ‌මෙය ‌ලෙස සැලකේ.

ඒ අනුව අලුතින් පත් ‌‌‌කෙරුණු කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීමට සමරවීර මහතා සහභාගී වී තිබු‌ණේ වික්‍රමසිංහ මහතාට සහාය පළකරමින් බව දැනගන්නට ඇත.

එමෙන්ම එළඹෙන මහමැතිවරණයේදී සමරවීර මහතා මාතර දිස්ත්‍රික්කයෙන් එජාපය යටතේ තරග වැදීමටද නියමිතය.

(මූලාශ්‍රය - මව්රට )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න