එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල තීන්දුව සජිත් පිළිගනියි : සන්ධාන ලේකම් ඉරාන් !

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල තීන්දුව සජිත් පිළිගනියි : සන්ධාන ලේකම් ඉරාන් !

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (30) ගෙන ඇති තීරණවලට තම පාර්ශ්වය ද එකඟ බව එම පක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර පැවසීය.

ඔහු මේ බව පැවසුවේ විපක්‍ෂනායක කාර්යාලයේ දී අද (31) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තම පාර්ශවයට අවශ්‍ය වූයේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සන්ධානයකින් මහ මැතිවරණයට තරඟ කිරීම බව එහිදී කී මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ද එම තීරණය ලැබී ඇතැයි සඳහන් කළේය.

පක්‍ෂ නායකත්වය ද සජිත් ප්‍රේමදාසට ලබාගැනීමට තම පාර්ශවය උත්සාහ කළ නමුත් රනිල් වික්‍රමසිංහ  නායකත්වයෙන් ඉවත් නොවන්නේ නම් එය ලබාගත හැකි ක්‍රමයක් පක්‍ෂ ව්‍යවස්ථාවෙහි නොමැති බව ද හෙතෙම කීවේය.

සන්ධාන ලේකම් ඉරාන් !

මේ අතර සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් ගොඩනැගෙන එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානයේ ලේකම්වරයා නම් කිරීම, එම සන්ධානයේ පක්ෂ නායකයින් එක්ව තීරණය කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි අද (30) 'සිරිකොත' එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවය ඇතිව පොදු සන්ධානයේ මහ ලේකම් පත්කිරීමේ බලයද විපක්ෂනායක ප්‍රේමදාස වෙත පවරා ඇතැයි එජාප මහ ලේකම් විසින් නිකුත්කල නිවේදනයක සඳහන් වේ.

මේ සම්බන්ධයෙන්  වාර්තා කරමින් ලීඩර් වෙබ් අඩවිය අනාවරණය කරන්නේ , නව සන්ධානයේ මහ ලේකම් ලෙස ඉරාන් වික්‍රමරත්න නම් කිරීමේ සුදානමක් පවතින බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න