මහින්ද දින්නේ සිංහල බෞද්ධ ජන්දයෙන්- ඉන්දියානු මාධ්‍ය

මහින්ද දින්නේ සිංහල බෞද්ධ ජන්දයෙන්- ඉන්දියානු මාධ්‍ය

ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණයේදී පොදු ජන පෙරමුණ ජය ලබා ඇත්තේ සිංහල බහුතර ජනතාවක් ජීවත්වෙන ප්‍රදේශවල ජන්ද ලබාගනිමින් බව The Hindu වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එසේම දමිළ ජනතාව බහුතරයක් ජිවත්වන ප්‍රදේශවල බලය හිමිව ඇත්තේ දෙමළ සන්ධානයට බව ඔවුන් වාර්තා කර ඇත.

 ජන්දය ප්‍රමාද වුණා

එසේම දැනට පවතින සිරිසේන ආණ්ඩුව 2015 වසරේ මැතිවරණ ප්‍රතිසංස්කරණ හරහා පළාත් පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට කටයුතු කළ බවද ND TV රූපවාහිනී ආයතනය පෙන්වා දෙයි.

ඒ යටතේ මේ ආණ්ඩුව විසින් සියලු පළාත් සභා මැතිවරණ එක දිනයකදී පැවැත්වීමට හැකිවන පරිදි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් කිරීමටද යෝජනා කරන ලද බව ඔවුන් වාර්තා කර තිබේ.

ND TV පවසන පරිදි වසර මහින්ද රාජපක්ෂ යුධ වීරයෙක් සිතන සිංහල බෞද්ධ බහුතර ජනතාවගේ ජන්ද ලබාගැනීමට මහින්ද රාජපක්ෂ සමත්ව ඇති බවයි. මෙම ජයග්‍රහණය ආණ්ඩු වෙනසකට වුවද බලපෑ හැකි බව එම රුපවාහිනී සේවය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න