රට රකින්නට : යෝ නැගෙනහිරින් පාර්ලිමේන්තු එන්න සූදානම් !

රට රකින්නට : යෝ නැගෙනහිරින් පාර්ලිමේන්තු එන්න සූදානම් !

අගමැති මහින්ද රාජපක්ෂගේ දෙවෙනි පුත් නාවික හමුදා නිලධාරී ලුතිනන් කමාන්ඩර් යෝෂිත රාජපක්ෂ ද ප්‍රසිද්ධ දේශපාලනයට එක්වීමට තීරණය කර ඇති බවත් ඒ අනුව ඔහු මෙවර මහ මැතිවරණයේදී දිගාමඩුල්ල දිස්ත්‍රීක්කයෙන් 'පොහොට්ටුව' ලකුණින් ඉදිරිපත් වනු ඇති බවත් අගමැති කාර්යාල ආරංචිමාර්ගවලින් වාර්තාවේ.

සිය උරුමය නැගෙනහිර තුලද තහවුරු කරලීම රාජපක්ෂ පවුල විසින් මෙම තීන්දුව ගෙන ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ලුතිනන් යෝෂිත රාජපක්ෂගේ බිරිද වන නීතිෂා විසින් 'මීඩියා ෆැක්ටරි' (Media Factory Pvt. Limited) නමැති දැන්වීම් බෙදාහරින (Media Scheduling) ආයතනය පසුගියදා මිලදී ගෙන තිබුනේ ද දේශපාලන ප්‍රචාරක කටයුතු කළමනාකරණය කිරීම සඳහා බව පැවසේ.

පසුගිය යහපාලන සමයේදී විවිධාකාරයේ චෝදනා ඉදිරිපත් කරමින් කිහිප අවස්ථාවක දී ම අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ එක් අවස්ථාවක දී රිමාන්ඩ් භාරයට ද පත්කරනු ලැබිය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න