උපාධිධාරී රැකියා දීමටත් හමුදාව මැදිහත් වෙයි !

උපාධිධාරී රැකියා දීමටත් හමුදාව මැදිහත් වෙයි !

රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 100,000 කට රැකියා ලබා දීමේ ආන්ඩුවේ වැඩපිළිවෙල යටතේ පවත්වන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හමුදා නිලධාරීන් ද සහභාගි වන බව වාර්තා වේ. 

මෙම සම්මුඛ පරීක්ෂන පවත්වනු ලබන්නේ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දී ය.

පසුගිය සතියෙහි උතුරුකරයෙහි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක පැවැති සම්මුඛ පරීක්ෂණ කිරීම සඳහා මෙලෙස හමුදා නිලධාරීන් ද පැමිණ සිටියේ ය. රැකියා අපේක්ෂාවෙන් පැමිණි පිරිස් මේ නිසා කලබලයට පත් විය.

 තව ද එකී හමුදා නිලධාරීන් අපේක්ෂකයින්ගේ වෙනම ලිපිගොනුවක් පවත්වා ගන්නා බව ද දක්නට ලැබී තිබේ. ඉන් අදහස් වූයේ අපේක්ෂකයින්ගේ රැකියා ඉල්ලුම් පත්‍ර සහ අනෙකුත් ලිපි කල්තබාම මෙම යුද හමුදා නිලධාරීන් අතට පත් වී තිබූ බවයි.

පවුල් පසුබිම නිරීක්ෂනයට හමුදාව නිවෙස්වලටම !

හමුදා නිලධාරීන් අපේක්ෂකයින්ගේ වෙනම ලිපිගොනු තබා ගන්නේ මන්දැයි ඇසූ විට, අපේක්ෂකයින්ගෙන් බහුතරයක් දරිද්‍රතා පසුබිමට අයත් යැයි කියා සිටින හෙයින්, හමුදා නිලධාරීන් ඔවුන්ගේ පවුල් තත්ත්වය සහ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කර ගැනීම සඳහා නිවාසවලට පැමිණෙන බව පවසා තිබේ. ඉන් අදහස් වන්නේ යුද හමුදා පිරිස් මෙම අපේෂකයින් පිළිබඳ වෙනම විමර්ශණයක් කරන බවය.

දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල්වල සාමාජිකයින්ට මෙම පත්වීම් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බව ආන්ඩුව නිවේදනය කර තිබේ.

යාපනයේ අයදුම්කරුවන් 37,400 විය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට සමස්තයක් ලෙස රැකියා සඳහා තෝරා ගැනීමේ ක්‍රියාවලිය සහ එහිලා හමුදාවේ කාර්යභාරය පිළිබඳව කිසිදු අවබෝධයක් නොතිබුණි. සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි අපේක්ෂකයෙක් අසා සිටියේ‍ෙ දුප්පත් පවුල් පසුබිම සහතික කරමින් ඔහුගේ ග්‍රාම සේවක දුන් ලිපියෙන් වැඩක් නොවේ ද යන්නයි.

රුපියල් 20,000 ක මාසික දීමනාවක් !

රැකියා සදහා තෝරාගන්නා අයට වසරක පුහුණු කාලය තුළ ලැබෙන්නේ රුපියල් 20,000 ක මාසික දීමනාවක් පමණි. ඉන් අනතුරුව ලබා දෙන දීමනාව ගැන කිසිදු අදහසක් තවම ප්‍රසිද්ධ කර නැත. 

මෙම දිස්ත්‍රික් පදනමින් දෙන පත්වීම් ලැබීමෙන් අනතුරුව පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර පහක් සේවය කිරීම අනිවාර්ය කොන්දේසියක් වශයෙන් ඉදිරිපත්කර තිබේ. 

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න