එජාපය දෙකඩ වෙයි !

එජාපය දෙකඩ වෙයි !

ඊයේ  (මාර්තු 01) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමේ දී ඉදිරි මහ මැතිවරණය සදහා 'අලියා' ලකුණ යටතේ තරග වැදීමට එක්සත් ජාතික පක්ෂයේ බහුතර කැමැත්ත ලැබී ඇතැයි එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

ඒ අනුව සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණය සදහා අලියා ලකුණ තෝරා ගත යුතු බවට  එක්සත් ජාතික පක්ෂයේ මධ්‍යම කාරකසභාවේ දී තීරණය වූ බව කෘත්‍යාධිකාරී රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ එජාප නායකයා සඳහන් කළේය.

කෙසේ වෙතත් සජිත් පාර්ශ්වයෙන් ඒ සදහා එකගත්වය ලැබී නැති බව වාර්තා වේ. 

ඊයේ පැවති කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේදී එළඹෙන මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කල යුතු බව රනිල් පාර්ශවය යෝජනා කර ඇත්තේ එය "අලියා" ලකුණින් සිදුවිඋඅ යුතු බවය. නමුත් සජිත් පාර්ශවයේ අදහස වී ඇත්තේ සන්ධානයකින් තරග කරන නිසා දුරකථනය හෝ වෙනත් ලකුණක් යටතේ එය සිදුවිය යුතු බවය.

සජිත් පාර්ශවය එජාප නායක මතය ප්‍රතික්ෂේප කරයි !

කෘත්‍යාධිකාරී රැස්වීමෙන් අනතුරුව විපක්ෂ නායක කාර්යාලයෙන් නිකුත්කළ මාධ්‍ය නිවේදනයක සඳහන්  වන්නේ, අද (01) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමද නිමාවූයේ එළැබෙන මැතිවරණයට තරග කරන සන්ධානයේ 'ලකුණ" පිළිබදව එකගතාවයකින් තොරව බවයි.

නව සන්ධානය සදහා අලියා ලකුණ සම්මත කරගත් බවට ඇතැම් පාර්ශව ගෙන යන ප්‍රචාරය සත්‍යයෙන් තොර වන අතර එම ප්‍රචාරයන් සියල්ල එම ප්‍රචාරයන්ටම අදාල පිළිකුලද සහිතව ප්‍රතික්ෂේප කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද  දැක්වේ.

''අලියා ලකුණ සන්ධානයට ලබා දෙන්නේනම් ඊට එක හෙලා අප එකග නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් කෘත්‍යාධිකාරීයෙන් ලැබුණේ නැත. ඒ වෙනුවට  තර්ක ඉදිරිපත් වූවා මිස එකගතාවයක් ඇතිකර ගැනීමේ අවම අපේක්ෂාව හෝ ඔවුන්ට තිබුණේ නැත.

නිෂ්පල වාද විවාද මැද කෘත්‍යාධිකාරී රැස්වීම හමාර වූ අතර පලදායි නොවන කාරණා මත එල්බගෙන කල්මරමින් සිටීමෙන් සිදුවන්නේ ජන පීඩක ආණ්ඩුවට එරෙහිව කදවුරු බැදීමට කාලය අවහිර වීමය.''

එකගතාවයකින් තොරව කෘත්‍යාධිකාරී රැස්වීම අවසන් !
  
අද(01) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී රැස්වීමද නිමාවූයේ එළැබෙන මැතිවරණයට තරග කරන සන්ධානයේ 'ලකුණ"පිළිබදව එකගතාවයකින් නොවේ.
 
නව සන්ධානය සදහා අලියා ලකුණ සම්මත කරගත් බවට ඇතැම් පාර්ශව ගෙන යන ප්‍රචාරය සත්‍යයෙන් තොර වන අතර එම ප්‍රචාරයන් සියල්ල එම ප්‍රචාරයන්ටම අදාල පිළිකුලද සහිතව ප්‍රතික්ෂේප කරමු.
 
අලියා ලකුණ සන්ධානයට ලබා දෙන්නේනම් ඊට එක හෙලා අප එකග නමුත් ,ඊට යහපත් ප්‍රතිචාරයක් කෘත්‍යාධිකාරීයෙන් ලැබුණේ නැත. ඒ වෙනුවට  තර්ක ඉදිරිපත් වූවා මිස එකගතාවයක් ඇතිකර ගැනීමේ අවම අපේක්ෂාව හෝ ඔවුන්ට තිබුණේ නැත.නිෂ්පල වාද විවාද මැද කෘත්‍යාධිකාරී රැස්වීම හමාර වූ අතර පලදායි නොවන කාරණා මත එල්බගෙන කල්මරමින් සිටීමෙන් සිදුවන්නේ ජන පීඩක ආණ්ඩුවට එරෙහිව කදවුරු බැදීමට කාලය අවහිර වීමය.
 
මේ අතර මාර්තු(2)පැවැත්වීමට නියමිත 'සමගි ජනබලවේගයේ 'සමාරම්භක උත්සවය කිසිදු වෙනසකින් තොරව පැවැත්වෙන බවද ,එකී මහජන බලවේගය මෙරට දැවැන්තම ජන බලවේගය බවට පත් කිරීමේ ජයග්‍රාහී අභියෝගය සඵල කරගන්නා බවද සිහිපත් කරමු.
 
 විපක්ෂ නායක මාධ්‍ය අංශය

''සමගි ජන බලවේගය බිහිවීම අනිවාර්යයි'' - සජිත් කියයි

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ, 'සමගි ජන බලවේගය' බිහි කිරීම අනිවාර්යයෙන්ම හෙට දිනයේ සිදු වන බවයි.

සමඟි ජනබලවේගයේ සමාරම්භක උත්සවය හෙට (02) පෙරවරු 9.30  ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රගහලේදි පැවැත්වීමට නියමිතය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න