මෑතක දී ඉමහත් මතභේදයකට තුඩු දුන් රාජගිරියේ ඩී.පී. ජයසිංහ (DPJ ) ගොඩනැගිල්ල වෙත පොලිස් කොට්ඨාස කිහිපයක් ගෙන යාම පිළිබඳව පොලිසිය හා කෘෂිකර්ම අමාත්‍යංශය සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාරේ අංක 288 හි පිහිටි ඩී.පී.ජේ ටවර්ස් ජනප්‍රිය සිනමා නිළි සබීතා පෙරේරාගේ සැමියාට අයත් ගොඩනැගිල්ලකි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනරත්න පැවසුවේ, පොලිස් දෙපාර්තමේන්තුවේ නීති, අපරාධ සහ මාධ්‍ය යන කොට්ඨාස මින් පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බද්දට ගෙන තිබු මෙම ගොඩනැගිල්ලට ගෙන යන බවයි.
නමුත් මේ පිළිබඳව අවසන් තීරණයකට තවමත් පැමිණ නැති බවත් මාධ්‍ය ප්‍රකාශක කියා සිටියේය.
“දැනට මෙම පොලිස් කොට්ඨාස තුන පිහිටා ඇති පරිශ්‍රය ඉතා ඉක්මනින් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි. ප්‍රතිසංස්කරණ කාලය තුළ මෙම ගොඩනැගිල්ල භාවිතා කිරීමේ හැකියාව පිළිබඳව පොලිසිය දැනට සොයා බලමින් ඉන්නවා” යයි ඔහු තවදුරත් පැවසීය.
මෙම ගොඩනැගිල්ල මින් පෙර බදු පදනම මත කෘෂිකර්ම අමාත්‍යංශය ලබා ගෙන තිබුණු අතර නව රජය බලයට පත්වූ විගස, අමාත්‍යාංශය රාජගිරිය ගොඩනැගිල්ලේ සිට බත්තරමුල්ල පිහිටි එහි පැරණි පරිශ්‍රයට ගෙන යන ලදී.
(මුලාශ්‍රය - the morning. lk)