හග්ගලත් වනසයි : ඉනියා දේශප්‍රේමීන් නිහඬයි !

හග්ගලත් වනසයි : ඉනියා දේශප්‍රේමීන් නිහඬයි !

ජෛව විද්‍යාත්මක පර්යේෂණ කටයුතු සඳහා පමණක් ඉඩ ලබා දෙන හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිත කලාපයේ අක්කර තුනක භූමි ප්‍රදේශයක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් අනවසරයෙන් එළි පෙහෙළි කර වගා කටයුතු සිදු කරන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතයේ කන්දේ ඇළ ජලාශයට ආසන්න භූමියක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනවසරයෙන් එළි පෙහෙළි කර ගොඩනැගිලි හතරක්ද ඉදිකර ඇත. එම ගොඩනැගිලි ආශ්‍රිත භූමිය තුළ මහා පරිමාණයෙන් පළිබෝධනාශක යොදා ගනිමින් වගා කටයුතු සිදුකර තිබේ. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් හක්ගල දැඩි ස්වභාවික රක්ෂිත කලාපය තුළ වගා කටයුතු සිදු කිරීම, ගොඩනැගිලි ඉදි කිරීම සපුරා තහනම් වන අතර එය තුළ විද්‍යාත්මක පර් යේෂණ කටයුතු පමණක් සිදු කිරීමට ඉඩ ලබාදේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් හක්ගල දැඩි ස්වභාවික රක්ෂිත කලාපය මෙලෙස එළි පෙහෙලි කර ගොඩනැගිලි ඉදිකර ඇත්තේ අදාළ භූමිය වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පවරා ගැනීමකින් තොරව බවටද අනාවරණය වී ඇත. මෙලෙස අනවසර වගා කටයුතු කිරීමේදී දැඩි ස්වභාවික රක්ෂිත කලාපයේ සතුන්ගේ වාසස්ථාන රැසක්ද විනාශයට ලක්ව තිබෙන බව පරිසරවේදීහු පවසති.

එමෙන්ම ප්‍රදේශයේ ජල මූලාශ්‍ර රැසක් ආරම්භ වන්නේද හග්ගල දැඩි ස්වභාව රක්ෂිත කලාපයෙනි. හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතයක් ලෙස 1938 පෙබරවාරි මස 25 වැනිදා ගැසට් කරන තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙහි අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකිරීම සහ වගා කටයුතු සිදු කිරීම පිළිබඳව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඉහළ බලධාරීන්ට දැනුම් දුන්නද ඔවුන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව එම දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

– aruna

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න