මහ ජන්දයෙන් පසුව අලුත් ව්‍යවස්ථාවක් ගේනවා : 19 අවුල් - මහින්ද

මහ ජන්දයෙන් පසුව අලුත් ව්‍යවස්ථාවක් ගේනවා : 19 අවුල් - මහින්ද

මහ මැතිවරණයෙන් පසුව රටට සුදුසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඒමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ  අද(06) ප්‍රකාශ කළේය.
 
දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රට අවුල් ජාලයක් බවට පත් වූ බවත්, එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයද 19වන සංශෝධනයෙන්ම ප්‍රතිඵලයක් බවත් අගමැතිවරයා පැවසීය.
 
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ අරලියගහ මන්දිරයේදී අද(06) පැවැති මාධ්‍ය වේදීන්ගේ හමුවකදී අදහස් දක්වමිනි.
 
පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ පසුව හැකි ඉක්මණින් පළාත් සභා මැතිවරණයට යාමට බලාපොරොත්තු වන බවද අගමැතිවරයා කීවේය.
 
ආණ්ඩුවේ මැතිඇමතිවරුන් කිහිපදෙනකු සහ  ජ්‍යෙෂ්ඨ උපදේශකවරුන් වන මහාචාර්ය ජී.එල්.පීරිස්, අජිත් නිවාඩ් කබ්රාල්, යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග එම සාකච්ඡාවට සහභාගීව සිට ඇත.

 19 ඉවරයි !
 
ජනාධිපතිගේ අසීමිත විධායක බලතල පාර්ලිමේන්තුව සහ ස්වාධීන කොමිෂන් සභා වෙත පවරමින් සිදුකළ 19 ව්‍යවස්ථා සංශෝධනය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ලද ඓතිහාසික ජයග්‍රහණයක් බව දේශපාලන විචාරක මතය වෙයි.
 
නමුත් පොදුජන පෙරමුණ දිගින් දිගටම එම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මොහොතට එරෙහි වූ අතර 2018 වසරේ දියත් වූ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණය පරාජයට පත්කිරීමට හැකිවූයේ ද ව්‍යවස්ථාදායකය ශක්තිමත් කර තිබු නිසාය.
 
ඒ අනූව අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කරන 19 ඇතැයි කියන අර්බුදය සහ ගෙනෙනවා කියන නව ව්‍යවස්ථාව බොහෝවිට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය හකුළුවාලන අවස්ථාවක් වනු ඇති බව විචාරක මතය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න