කොරෝනා වෛරසය වැඩි වශයෙන් පැතිරී යන දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන පුද්ගලයන් සඳහා නිරෝධායන කටයුතු අද (10) සිට ආරම්භ වන අතර ප්‍රධාන වශයෙන් මධ්‍යස්ථාන දෙකක දී මෙම කටයුතු සිදුකෙරෙන බව ආණ්ඩුව නිවේදනය කර තිබිණ.
කෙසේ වුවත් මෙම නිරෝදායනය කිරීම සදහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 7500 ක මුදලක් අය කරන බවට සදහන් උපදෙස් පත‍්‍රිකාවක් සමාජ ජාලවල හුවමාරු වූ අතර එය සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ විදෙස් ගතව සිට මෙරටට පැමිණි පාර්ශව බවත් වාර්තා වෙයි.
කොරෝනා නිරෝධායනය වෙනුවෙන් එක් අයෙකු වෙතින් රුපියල් 7500ක් ගැනීමට අමතරව වතුර බෝතලය පවා මුදල් ගෙවා ගැනීමට සිදුව ඇති බව පවසමින් අද කොරියාවේ සිට මෙරටට ළඟාවූ ලාංකික තරුණයන් කණ්ඩායමක් විරෝධය දක්වනු ලැබිණ.
රජය විසින් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන රුපියල් 7500ක් අයකිරීම දක්වා ඇති පත්‍රිකාව පහත දැක්වෙයි.


එසේම පහත දැක්වෙන්නේ කොරියාවේ සිට පැමිණි තරුණ කණ්ඩායම තමන්ට නිරෝධායනය සඳහා පිටත්ව යාමට නිසි පහසුකම් සලසා නොතිබීම සහ නිරෝධායනය වෙනුවෙන් මුදල් අයකිරීමට එරෙහිව දැක්වූ විරෝධයේ අවස්ථා කිහිපයකි.
https://www.facebook.com/279601902699233/videos/224618095403134/ https://www.facebook.com/targetSLK/videos/2218070498488278/
මේ සම්බන්ධව සමාජ මාධ්‍ය තුළද බලවත් විරෝධයක් මතුව තිබිණ.
මේ අතර අදාළ පුවත ස්වාධීන රූපවාහිනිය වාර්තා කර තිබුනේ මේ ආකාරයටය.
මේ ආකාරයට කොරෝනා නිරෝධායනය වෙනුවෙන් විදෙස් ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් වෙතින් මුදල් ගැනීමට තීන්දු කිරීම සම්බන්ධව විරෝධය මතුවූ විට හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නිකුත් කර තිබු පණිවිඩයක් සිරස වාර්තා කර තිබුනේ පහත පරිදිය.


