බලය අභ්‍යාස කරන්න ඕනැයි වදාරා : ඥානසාර හිමි කුරුණෑගලින් මැතිවරණයට !

බලය අභ්‍යාස කරන්න ඕනැයි වදාරා : ඥානසාර හිමි කුරුණෑගලින් මැතිවරණයට !
බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව වාර්තා වෙයි.
 
ඒ අතුරලියේ රතන හිමි ප්‍රමුඛ අපේ ජන බල පක්ෂය නියෝජනය කරමින්ය.
 
මේ සම්බන්ධව විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (16) පැවැත්වුණු අතර එහිදී ඒ හිමියන් පවසා සිටියේ මෙතුවක් කල් පෙන්නල දුන්න අනතුරෙන් රට මුදවා ගන්න මේ මැතිවරණයේදී බොදු බල සේනා සංවිධානය ජනතාවගෙන් බලය ඉල්ලා සිටින බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමි මෙසේද පැවසීය.

සිංහලයා වෙනුවෙන් බලය අභ්‍යාස කරන්න ඕන !

අපේ මුතුන්මිත්තන් උප නූපන් දරුවන්ට දිනාදුන් වටිනාකම් ආරක්ෂා කර තැබීම වෙනුවෙන්, මේ දිනූ ජයග්‍රහණය කෙලෙසන්නට ඉඩ නොදී එය ආරක්ෂා කරදීම වෙනුවෙන් ජාතිකවාදී වැඩපිළිවෙළක් මේ රට ඉල්ලා සිටි මොහොතක තමයි විවිධ තැන්වල බෙදිලා විසිරිලා වෙන්ව වැඩ කරපු මේ සියලු බලමුළු අද එක රොදකට ගොනු උනේ. අපිට උවමනයි මේ මහ මැතිවරණයේදී දැයම එක රොදකට ගොනු කරල වට්ටපු ජාතික නැගිට්ටවන්න. ඒ වගේම, නිදහසෙන් පස්සේ මේ මාරුවෙන් මාරුවට රට කරපු දේශපාලන ව්‍යාපාරය වෙනුවට අලුත් වැඩපිළිවෙලකට මේ රට යොමුකරවන්න අපිට උවමනායි. ඒ නිසා මේ මහ මැතිවරණයේදී මොනතරම් දුෂ්කරතා වුනත්  සිංහලයාගේ ආරක්ෂාව වෙනුවෙන් සහ සිංහලයාගේ අභිවෘද්ධිය වෙනුවෙන් අපට උවමනායි මේ බලය අභ්‍යාස කරන්න.

2012 ඉඳලා මේ රට ගිලගනිමින් සිටින ඉස්ලාමීය උන්මත්තක අන්තවාදය ගැන කතා කරා. සාක්ෂි සාධක ඇතිව සහරාන්ගේ පුපුරවා ගැනීම දක්වා මේ වගේ සිද්ධියක් ඇති වෙන්න පුළුවන් මොනයම් හෝ වෙලාවක කියලා පෙන්නල දුන්නා. දැන් මේ ආණ්ඩුව බලයට පත්වෙලා මාස කිහිපයක් ගතවෙලා තිබෙනවා. මොකද්ද  අරගෙන තියන ක්‍රියාමාර්ගය? අවම තරමින් හැට නම ලක්ෂය පැත්තකින් තියමුකෝ. පාස්කු ප්‍රහාරයෙන් මියගිය තුන්සිය ගණනකට වත් සාධාරණය ඉෂ්ට කරාද? මේ ත්‍රස්තවාදය... උන්මත්තක අන්තවාදය පෝෂණය කරපු, ඔවුන්ට වැඩෙන්න දේශපාලනිකව සහයෝගය දුන්නු එක පුද්ගලයෙක් ටවත් නීතිය ක්‍රියාත්මක වෙලා නෑ. අවම තරමේ එක දවසකට වත් සිරගත කරන්න පුළුවන් වෙලා නෑ. ඒව තවමත් කතා විතරයි.
 
සමස්ථ මුස්ලීම් ප්‍රජාව එක්ක ගැටළුවක් නෑ !

අපිට මේ රටේ සමස්ත මුස්ලිම් ප්‍රජාව සමග ගැටුමක් නෑ. ස්වදේශික සාම්ප්‍රදායික පාරම්පරික මධ්‍යස්ථ මුස්ලිම් මිනිස්සු අපිට ප්‍රශ්නයක් නෙවෙයි. ඒ මිනිස්සු අපේ මිනිස්සු. පහුගිය කාලේ ආණ්ඩු කරපු හැම පක්ෂයක්ම වග කියන්න ඕනේ මේ රටේ සමාජ බෙදුම්වාදය බරපතළ විදිහට ගොඩනැගෙන්න දුන්නට. ඒ නිසා අපිට වගකීමක් තිබෙනවා.. අනතුර අපි කලින්ම පෙන්නල දුන්නා... ඒ කියපු විදිහටම ඒ අනතුරු මේ මහ පොළොවේ යථාර්ථයක් වුනා. ඒ අනතුරෙන් මුදවා ගැනීම සඳහා නීති අණපනත් හදන්න අවශ්‍යයි. ඒ නීති අණපනත් හදන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ. ඒ වෙනුවෙන් අරගල කරන්න අපිට එතැන නියෝජනය වෙන්න අවශ්‍යයි. අපි අවුරුදු කීයක් තිස්සේ සිංහල බෞද්ධයාගේ ආරක්ෂාව වෙනුවෙන් අණපනත් සකසන්න කියලා කතා කරලා තියෙනවද? එක පනතක් සම්මත කර ගන්න බැරි වුණා. මේ පාර්ලිමේන්තුවේ එක පනතක් වත් සම්මත කර ගන්න බැරි වුණා.

ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ ඉන්න අයගේ ලැයිස්තු ටික අරගෙන බැලුවාට පස්සේ පේනවද  මේ රටේ හැම මිනිසෙකුගේම මුහුණුවලට හිනා මල් කැන්දන්න පුළුවන්  වැඩපිළිවෙලක් එක්ක ජාතික ප්‍රතිපත්තියක් සෑදිය හැකි කවුරුත් ඉන්නවා කියලා? හොරකම වංචාව දූෂණය ගැන කතා කරනවා. ඒවා නවත්තන්න පුළුවන් ඒවා ජීවන භාවිතාවේදී  අභ්‍යාස කරපු මිනිස්සු ටිකක් ඉන්නවද?  බැලින්නම් අර පරණ බඩු සෙට් එකමයි ඉන්නේ. මේ පරණ සෙට් එකම තෝරලා ආපහු පාරක් පාර්ලිමේන්තු යවන්න නම් කෝටි 600ක් 700 ක් වියදම් කරලා ඡන්දයක් තියන්න ඕනෙද? පරණ ටිකම නං යන්නෙ ඒගොල්ල නම් දැනටමත් ඉන්නේ මෙච්චර කාලයක් ඒගොල්ලෝනම් කෙරුවේ උඹලම බෙදාගෙන කාපල්ලා කියලා ඡන්දෙ නොතියා හිටිය නං ඉවරයිනේ.

ගෝඨාභය හැමෝටම වඩා දෙයක් රටට කළා !

නමුත් අපි දැකපු දේ තමයි ජනාධිපතිවරණයේදී මේ රටේ සාතිශය බහුතරයක් සිංහල මිනිස්සු කල්පනා කළේ මේක තමයි ජාතියට ලැබෙන අවසාන අවස්ථාව කියලා. මිනිස්සු බඩ ගැන හිතුවේ නෑ.. මොනවත් ඉල්ලුවෙත් නෑ.. කොන්දේසි විරහිතව අපිට අපේ රටේ ජාතික ආරක්ෂාව හදාගන්න පුළුවන් නායකයෙක්, නිර්දේශපාලනික අපේක්ෂකයෙක් ඕනි කියලා ජනාධිපති කෙනෙක් පත් කර ගත්තා. ඔහුගේ දේශපාලනික භාවිතා පිළිබඳව අපිට තර්කයක් නෑ. ඔහු මේ දක්වා රටට කරලා තියෙනවා හැමෝටම වඩා වෙනස් දෙයක්. නමුත් ඔහුට මේ රටේ නීති හදන්න බෑ තනියම. ඒකයි අපි තරග කරන්නේ. නීති හදන්නෙ පාර්ලිමේන්තුවේදී. ඒක නිසා පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත්ම තීරණාත්මකයි. ඒ පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි බලාපොරොත්තු වෙනවා සියලු ජාතික බලවේග එක රොදකට ගොනු කරල අපි ඉල්ලනවා බලය ඉල්ලනවා.  මෙතුවක් කල් පෙන්නල දුන්න අනතුරෙන් රට මුදවා ගන්න. ඊට අදාළ අණපනත් ටික හදාගන්න. ඒවට බලපෑම් කරන්න පුළුවන් කිහිප දෙනෙක් මෙතන ඉන්න ඕනේ. අපිට ජාතික අභිලාෂය වැදගත්. අපි වෙන වෙන පාරවල් වලින් ආවත්, අපි මොන පාට සිවුරු ඇන්දත්, එකක්වත් වැදගත් නෑ. අපිට අපේ ජාතික අභිලාෂය තමයි වැදගත්. ඒ නිසා අපි ඒ ජාතික අභිලාෂය සාක්ෂාත් කර ගැනීම සඳහා නිවාර්යයෙන්ම ඕනෑම අභියෝගයට එරෙහිව ඒ අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා හැමෝම එකාවන්ව එක්සිත්ව වැඩ කරනවා.  

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න