බරපතල තත්ත්වයේ දෙදෙනෙකු : උණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ !

 බරපතල තත්ත්වයේ දෙදෙනෙකු : උණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ !

කොවිඩ් 19 නොහොත්  නව කොරෝනා වෛරස ආසාදිත රෝගීන් දෙදෙනෙකු මේ වන විට අයි.ඩි.එච්.රෝහලේ දැඩි සත්කාර ඒකකයේ පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අද  (22) පිළිගෙන ඇත.

මේ සම්බන්ධව මුලික තොරතුරු අප ඊයේ (21) අනාවරණය කල අතර අද මේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පවසා ඇත්තේ විද්‍යුත් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය.

ඒ අනුව අප ආරංචිමාර්ග නිවැරදි බව තහවුරු වෙයි.

 එමෙන්ම කොරෝනා ආසාදිතයින් හැත්තෑ හත් දෙනෙකු මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන බවත් අදාළ සම්මුඛ සාකච්ඡාව අවස්ථාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පවසා ඇති අතර ඇදිරි නීතිය පැනවු දිනයේ සිට මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින්ගේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බවත් සඳහන් කර ඇත.

ඊයේ දිනයේ සිට නැගෙනහිර කොළඹ මූලික රෝහල සම්පුර්ණයෙන්ම කොවිඩ් නයින්ටින් ආසාදිතයින් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සදහා භාවිතයට ගන්නා බවත්, කොරෝනා සැක කටයුතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල යොදා ගන්නා අතර ද සොයිසා සහ කාසල් වීදියේ කාන්තා රෝහල්වල වෛද්‍යවරුන් සේවා මුර අනුව නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර කටයුතු සදහා යොදා ගන්නා බව, කොතලාවල වෛද්‍ය පීඨයේ දැඩි සත්කාර ඒකකය ද වෛරස් රෝගීන්ට ප්‍රතිකාර සදහා යොදාගැනීමට නියමිත බව සහ ඊට අමතරව වොයිස් අමෙරිකා ආයතනයට අයත් ගොඩනැඟිලි සැකකටයුතු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීමට යුද හමුදාවේ මූලිකත්වයෙන් පිළිසකර කටයුතු සිදුකරන බවත් එහිදී ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න